Home » අඩු පහසුකම් සහිත පාසල්වලට මාතර බෝධි ආරක්ෂක සභාවෙන් උපකරණ

අඩු පහසුකම් සහිත පාසල්වලට මාතර බෝධි ආරක්ෂක සභාවෙන් උපකරණ

by mahesh
October 25, 2024 1:00 am 0 comment

වජිර පූජිත ගුණවර්ධන - තෙලිජ්ජවිල සමූහ

මාතර බෝධි ආරක්ෂක සභාවට වසර හැට දෙකක් පිරීම නිමිත්තෙන් මාතර දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල් පහක් සඳහා රුපියල් ලක්ෂ විස්සකට අධික ශබ්ද විකාශන යන්ත්‍ර, පුටු, කබඩ්, විද්‍යාගාර පහසුකම්, සංගීත උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ලබාදීම නොබෝදා සිදු කෙරිණි.

නාඔටුන්න මිශ්‍ර කනිටු විදුහල, උඩ අපරැක්ක කනිටු විදුහල, වාව්ව කනිටු විදුහල, කපුගම කනිටු විදුහල හා වැලිගම ධර්මරාජ ප්‍රාථමික විදුහල යන විදුහල් මේ සඳහා තෝරාගෙන තිබුණි.

එමෙන්ම අදාළ පාසල්වලට අවශ්‍ය වැසිකිළි සහ කැසිකිළි පහසුකම් සාදාදීමට අවශ්‍ය කටයුතු ද සිදු කිරීමට නියමිත ය.

මේ අවස්ථාවට මාතර ගණේගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති, ගුරු උපදේක පූජ්‍ය රත්මල්කැටියේ සිරිධම්ම නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය, අදාළ පාසල්වල සිසු සිසුවියන් හා විදුහල්පතිවරු, බෝධි ආරක්ෂක සභාවේ සභාපති තිලක් ජයසේකර මහතා සහ ලේකම් රොහාන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT