2024 පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීමට මඩකලපුව දිස්ත්‍රික්කයේ කටයුතු වේගයෙන් සිදු වෙමින් පවතින බව මඩකලපුව දිස්ත්‍රික් මැතිවරණ නිලධාරී සහ දිසාපනි ජස්ටිනා මුරලිදරන් මහත්මිය පවසයි.
ඒ සඳහා මෙවර මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරියේ නිරත වන රාජ්‍ය නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටිනවා. මෙම පුහුණු පාඨමාලාව දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරී සහ දිසාපති ජස්ටිනා මුරලිදරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යයි.
දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්. සුබියාන් මහතා විසින් මෙම පුහුණු පාඨමාලාව නවීකරණය කරන ලදී. ඒ අනුව මැතිවරණයේ තැපැල් ඡන්ද පැවැත්වීමට තැපැල් ඡන්ද සහතික කරන ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිස් මූලාශ්‍ර නිලධාරීන් සඳහා විශේෂ පුහුණු පාඨමාලාවක් පෙරේදා (22) මඩකලපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ අත්දැකීම් ඇසුරින් නිලධාරීන්ගේ රාජකාරී පිළිබඳව විමසා බැලීය. මේ අතරතුර පසුගිය ජනාධිපතිවරණ අත්දැකීම් මත තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව ද සවිස්තරාත්මක දනුම්වත් කිරීම් ලබාදෙන ලදී.
මෙහිදී පසුගිය ජනාධිපතිවරණ අත්දැකීම් මත තව දුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රියා පටිපාටි පිළිබඳව ද සවිස්තරාත්මක ලබා දෙන ලදී.
තවද මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නව උපදෙස් අනුව මෙම මහ මැතිවරණය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සහතික කරන නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි පිළිබඳව සවිස්තරාත්මක දනුම්වත් කිරීම් ලබාදෙන ලදී.
එසේම පසුගිය මැතිවරණයේදී මුහුණදුන් අභියෝග පිළිබඳව ද විමසා බැලූ අතර ඒවාට විසඳුම් ද විමසා බැලූහ. පැවත්වීමට නියමිත මහමැතිවරණයේදී මෙම දිස්ත්‍රික්කයේ සේවක සේවිකාවන් 14,003ක් තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට යාම විශේෂත්වයකි.