Home » ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවෙන් බඩල්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලට උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවෙන් බඩල්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලට උපකරණ පරිත්‍යාගයක්

by mahesh
October 25, 2024 1:00 am 0 comment

බළපිටිය විශේෂ - ජයකාන්ත ලියනගේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව විසින් මොනරාගල, බඩල්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ සිසු සිසුවියන්ට පොත්පත් හා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් 20 වැනිදා පවත්වන ලදි. සිංහ රෙජිමේන්තුවේ 20 වැනි බළඇණිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 121 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ජී.එම්.එන්. සෙනෙවිරත්න මහතා සහභාගි විය.

මෙම වැඩසටහනේදී ‘Hope for Life of Lanka’ ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත සිසුන් 108 දෙනෙකු සඳහා පොත් සහ පාසල් උපකරණ බෙදා දෙන ලදි. උත්සවය අවසානයේදී සහභාගි වූ සියලුම දෙනා වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබුණි.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, දහම් පාසල් ගුරුවරුන්, පාසල් සිසුන් සහ ඔවුන්ගේ මවුපියෝ ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT