ශ්‍රී ලංකාවේ යම් ඡන්ද කොට්ඨාසයක් ගත්විට එයට තේරී පත්වන මන්ත්‍රීවරයෙක් මුල් ක්‍රමය යටතේ සිටියේය.එම මන්ත්‍රීවරයා තෝරා පත්කර ගත්තේ මහ මැතිවරණයකින් හෝ අතුරු මැතිවරණයකිනි.එම ඡන්ද කොට්ඨාසයේ වැඩියෙන්ම ඡන්ද ලබාගන්නා පුද්ගලයා එම කොට්ඨාසයේ මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය.
මැතිවරණ කොට්ඨාස ක්‍රමය මැතිවරණ පසුව දිස්ත්‍රික්ක ක්‍රමයක් බවට පරිවර්තනය විය.එක් මැතිවරණ දිස්ත්‍රික්කයක් තුළ එක් එක් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායම්වලට හිමිවන ආසන සංඛ්‍යාවක්ද තිබේ.එම ආසන සංඛ්‍යාව අනුව වැඩිම මනාප ලබාගන්නා අපේක්ෂකයෝ පාර්ලිමේන්තුවට තේරී පත් විය. මනාප ක්‍රමය නැති නම් මනාප පොරය සම්බන්ධයෙන් පසුකාලීනව ඇතිවූ වෙනස එයයි. මහමැතිවරණයට අදාළව අද වන විට අප රටේ පවතින්නේ එම ක්‍රමයයි. නමුත් මෙම ක්‍රමයට විවිධ විවේචන එල්ල වෙමින් තිබේ.
ලොව විවිධ රටවල භාවිත කරන ක්‍රමය. වඩා ප්‍රජාතන්ත්‍රවාදී යැයි සිතන රටවල ඡන්ද ක්‍රම ආදිය අධ්‍යයනය කරමින් මෙරටට ගැළපෙන ක්‍රමය මෙය යැයි සිතා යම් ක්‍රමයක් හඳුන්වාදීම සිදු විය.මනාප ක්‍රමය හඳුන්වා දුන්නේද එලෙස විය හැකිය. කලින් පැවැති ක්‍රමයේදී පක්ෂයේ ලැයිස්තුව අනුව මන්ත්‍රීවරු පත් වූහ.මුලින් මෙරට පැවැති මැතිවරණ ක්‍රමයේ වෙනසක් පසු කාලීනව සිදුවිණි.කේවළ ඡන්ද ක්‍රමය යනු මුලින් මෙරටට හඳුන්වා දී තිබූ මැතිවරණ ක්‍රමයයි.
මෙම තෝරා ගැනීමේදීද ප්‍රශ්න මතුවුණි. එක් අපේක්ෂකයකු ඡන්ද 20000 ලබා ගන්නා විට තවත් අපේක්ෂකයකු ඡන්ද 19990 ක් ලබාගන්නට පුළුවන.වෙනස ඡන්ද දහසකි. ඡන්ද 20000 ලබාගත් පුද්ගලයා මන්ත්‍රීවරයකු වශයෙන් පත්වන විට ඡන්ද 19990 ක්ම වටිනාකමක් නොමැති තත්ත්වයට පත්වූවේ. මේ නිසා බහුතර මතය කිසිදු ආකාරයකින් පාර්ලිමේන්තුවේ නියෝජනය නොවීය.පසුකාලීනව සමානුපාතික නියෝජන ක්‍රමය ඇති කළේ මේ දුර්වලතාව විශේෂයෙන්ම පදනම් කරගෙනය.එහෙත් පසුකාලීනව මනාප ක්‍රමය මනාප පොරයක් බවට පරිවර්තනය වූවේය.
මැතිවරණ පැවැත්වීමෙන් බලාපොරොත්තු වන්නේ රටේ වැඩි බහුතරයකගේ ප්‍රසාදයට ලක් වූ කණ්ඩායමකට රටේ බලය භාර දීමයි. ඇතැම් අය තම රූපයට,ජනප්‍රියත්වය සහ පොදු වැඩ පදනම් කරගෙන වැඩියෙන් මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආකාරය මීට පෙර දැකගත හැකිවිය.එමෙන්ම පාර්ලිමේන්තුවට තේරීපත්විය යුතු පුද්ගලයන් පරාජයවූ ආකාරය ගැනත් අපට අත්දැකීම් ඇත.මනාප ක්‍රමයෙන් සිදුව ඇත්තේ කුමක්දැයි මේ හරහාද අවබෝධයක් ලබාගත හැකිය.
රටක් ලෙස බලනවිට නීති, ප්‍රතිපත්ති සම්පාදනය කළයුතු පුද්ගලයා, රටේ මුදල් සම්බන්ධ තීන්දු තීරණ ගතයුතු පුද්ගලයා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැත.මෙය අතිශ්‍ය බේදජනක තත්ත්වයකි.
මේ තත්ත්වය නිර්මාණය කර ඇත්තේ මනාප ක්‍රමයයි.යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමන්ගේ දිස්ත්‍රික්කයේ හෝ මැතිවරණ බලප්‍රදේශයේ ඡන්දදායකයන්ට ඔහු කරන කටයුතුවලට වඩා රටට අවශ්‍ය දේ කරන පුද්ගලයන් පාර්ලිමේන්තු යැවිය හැකි ආකාරයට මේ ක්‍රමවේදය සකස් කරගත යුතුයි. නමුත් එවන් නිවැරැදි කිරීමක් අද දක්වා සිදුව නැත.
රටට වැඩක් කළ හැකි, ජනතාව සමඟ සම්බන්ධවී කටයුතු කළ හැකි, දක්ෂ නවකයකු මැතිවරණයකට ඉදිරිපත් වූ පසු ඔහුට පුළුල් මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යාමට හැකියාවක් නොවේ. ජනප්‍රියත්වයක්,ජනප්‍රසාදයක් නොමැති නවකයකුට දේශපාලනයට පිවිසීමේ අවස්ථාව පවත්නා දේශපාලන ප්‍රවාහයේ අවස්ථා අවමයි. මතුපිටින් පෙනෙනා සරල කාරණාවලට වඩා මේවා රටේ අනාගතයට බලපාන කරුණුය. මෙලෙස කරුණු අධ්‍යයනය කරන විට මනාප ක්‍රමය විශාල වශයෙන් දුර්වලතා පවතින ක්‍රමයක් වශයෙන් හඳුනාගන්නට පුළුවනි.
මැතිවරණ දිස්ත්‍රික්කයක පරාසය පුළුල් වීම අපේක්ෂකයන් පවා අපහසුතාවට පත් කරන්නකි. එනිසා මේ සම්බන්ධව වඩා ප්‍රායෝගික බෙදීමකට අවධානය යොමුකළ යුතුය.මනාපය යනු ජනතාවට අයිති දෙයක් මිස දේශපාලනඥයින්ට අයත් දෙයක් නොවන බවත් එය තමන් සිතැඟි පරිදි භාවිතා කිරීම ජනතාව සතු හිමිකමක් ඇත.ඇතැම් අපේක්‍ෂකයින් ගෙන්ගෙට ගොස් මේ මේ අපේක්‍ෂකයින් තුන්දෙනාට මනාප ලබා දෙන ලෙස බලපෑම් කරනු ලබයි.මේ හේතුව නිසා ඇත්තටම ඒ ඡන්ද දායකයාට තමා කැමති කෙනෙකුට මනාප ලබාදීමේ අවස්ථාව අහිමි වී යයි.
යම් අපේක්ෂකයෙකුට මනාප ඉල්ලීම සම්බන්ධයෙන් ජනතාවට බලපෑම් කිරීමට කිසිඳු අයිතියක් නොමැත.මනාප ලබා ගැනීම සඳහා ඡන්දදායකයාට බලපෑම් කරන එක වරදකි.එය ඡන්දදායකයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමකි.ඡන්ද දායකයා මනාප ලබාදිය යුත්තේ කාටද යන වග තීන්දු කරාවී.
මනාප පොරය වර්තමාන ඡන්ද ක්‍රමයේ ඇති අයහපත් ලක්ෂණයකි. ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් නොකොට එය නිවැරැදි කිරීම අපහසුය.පවත්නා තත්ත්වය තුළ ඊට මුහුණ දීමට අපේක්ෂකයන් සහ ඡන්දදායකයකයාට සිදුවේ. මනාප පොරය නිසා එකම පක්ෂයේ මහජන නියෝජිතයෝ ගැටෙන ආකාරයක් අතීතයේ පටන් දක්නට ලැබුණි.
තමන්ගේ පළාතට මන්ත්‍රීවරයෙක් සිටිය යුත්තේ සංවර්ධන කටයුතු ඉටු කරවා ගැනීම සහ රැකියා ලබා ගැනීම සඳහා නොවේ.මරණයට මඟුලට ගෙන්වා ගැනීමට නොවේ.පාරවල් බෝක්කු අලුත්වැඩියා කර ගැනීමට නොවේ.නමුත් රැකියා ලබා දීම මනාප ඡන්ද ලබා ගැනීමේ ප්‍රධාන මාර්ගය බවට වත්මනෙහි පත් වී ඇත.මෙබඳු කටයුතුවල යෙදෙනවා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රතිපත්ති සම්පාදකයන් විය යුතුය.
වර්තමානයේ ඡන්ද ක්‍රියාවලිය ද දරුණු මනාප සටනක් බවට පත්වීම වැළැක්විය නොහැකි වී තිබේ. මැතිවරණ කොමිසම විසින් රටේ ඡන්ද නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට ගන්නා පියවර හේතුවෙන් පෝස්ටර, කටවුට්, විශාල දැන්වීම් පුවරු සහ පෙළපාළි බොහෝ සෙයින් අඩු වූ මැතිවරණයක් අපට දැකගත හැකි වුවත් මනාප සටන් වරින් ඇවිලෙන්නේ අළු යට පවතින ගින්දරකි.මනාප ඡන්ද ක්‍රමය ජනවාර්ගික කොටස් මිශ්‍රව වසන ප්‍රදේශ වල සුළු ජන කොටස් වලට ඔවුන්ගේ නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවස්ථාව සහතික කරන බව බොහෝ දෙනාගේ අදහසයි.
ඉදිරි මැතිවරණය ජනතාවට ලැබෙන වැදගත් අවස්ථාවකි. එම අවස්ථාව භාවිත කළ යුත්තේ රටේ සමස්ත ජනතාවගේ හෙට දවසේ සහ රටේ හෙට දවස ගැන විමසුමක් ඇතිවය.මෙරට දේශපාලන සංස්කෘතිය බරපතළ ලෙස පිරිපහදුවට ලක් කළ යුතුය බව කාලයක් තිස්සේ පැමිණෙන සාකච්ඡාවකි.225 ම එපා යැයි කියන්නේ ඒ නිසාය.
ඡන්දයක් යනු ජනතාවගේ අයිතියක් සේම ඡන්දය භාවිතා කිරීමට ඡන්දදායකයන්ට විශාල වගකීමක් ඇත.මනාප ක්‍රමයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට ඡන්දදායකයා දැනුවත් වීම අත්‍යාවශ්‍යයි.එ නිසා ඡන්දදායකයා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම වගකිව යුත්තන්ගේ කාර්යභාරයකි.මනාප ක්‍රමයේ ඇති තරගකාරීත්වය නිසා සුදුසුම පුද්ගලයා තෝරා ගැනීමට ඇති අවස්ථාව අහිමි වී යයි.
ඡන්දදායකයා කෙරෙහි වු වගකීම හා වගවීම සුලුපටු නොවන බව සිහිතබා ගත යුතුය. තමන්ගේ ඡන්දය මත සිදුවන ඕනෑම නොමනා ක්‍රියාවක් ඉවසා නොසිටීමත්, තම අභිමත දේශපාලන පක්ෂයේ හෝ දේශපාලඥයා වුවද සාධනීය ලෙස විවේචනය කිරීමත් විශේෂයෙන් ඡන්දය භාවිතා කිරීමේ දී තමන් කුමන කරුණක් අරභයා ඡන්දය ලබාදී නියෝජිතයින් පත්කරනු ලබන්නේද යන්න පිළිබඳවත් මීට වඩා විමසිලිමත් විය යුතුය.
මෙවර මහමැතිවරණයේදී මැතිවරණ වියදම් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති ලැයිස්තුව පහත පරිදි වේ.ඒ අනුව එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි ඉහළම මුදල වියදම් කළ හැකි වනුයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ටය. ඒ මුදල රුපියල් පනස් හත්ලක්ෂ පනස් දහසකි. (5,750,000/-).
පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල හිමිවනුයේ ගම්පහ දිස්ත්‍රික්කයටය. එය රුපියල් අට කෝටි දාහත් ලක්ෂ තිස්පන් දහස් පනස් පහකි. (81,735,055/-).
ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදලක්ද වේ. එහි ඉහළම අගය ඇත්තේද ගම්පහ දිස්ත්‍රික්කය සඳහාය. ඒ මුදල රුපියල් තිස්පන් දහස් හයසිය හැත්තෑ හතකි. (35,677/-).
වැඩිම මුදල් වෙන් කිරීම සේම අඩුම මුදලත් වෙන් කළ දිස්ත්‍රික්කය වනුයේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයය. එහි එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි වන උපරිම මුදල රුපියල් දාසය ලක්ෂ හැත්තෑතුන් දහස් දෙසිය හතළිස් තුනකි. (1,673,243/-).
එපමණක්ද නොව එම දිස්ත්‍රික්කයේ පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල ලෙස දක්වා ඇත්තේ රුපියල් අනූනව ලක්ෂ දහතුන් දහස් නවසිය හැට හතරකි. (9,913,964/-).එහි ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිමය රුපියල් හාරදහස් තුන්සිය විසි හතකි. (4,327/).