Wednesday, April 23, 2025
Home » තරුණයන්ට රැකියා අවස්ථා උදාකර දුප්පත්කම තුරන් කරනවා

තරුණයන්ට රැකියා අවස්ථා උදාකර දුප්පත්කම තුරන් කරනවා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ

by mahesh
October 25, 2024 1:00 am 0 comment

මාතරින් කොළඹට පැමිණි සාර්ථක ව්‍යවසායකයකු වූ තමා එතුළින් නව රැකියා අවස්ථා දහස් ගණනක් තරුණ පරම්පරාවට දායාද කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (23) බොරලැස්ගමුවේ පැවැති ජන හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මම කොතරම් මුදල් හම්බ කර සාර්ථක ජීවිතයක් ගත කළත් මගේ රටේ ජනතාව දුප්පත්කමේ හිණිපෙත්තටම ගිහින් හමාරයි. ඒ වෙනුවෙන් කිසියම් දෙයක් නොකර මිය යෑමෙන් මට ආත්ම තෘප්තියක් ඇති වන්නේ නෑ. එනිසා මගේ හෘදය සාක්ෂියට එකඟව අනාගතය වෙනුවෙන් යහපත් යමක් කිරීමට මම දේශපාලනයට ආවා.

මට ඉතිරිව ඇත්තේ අවුරුදු දාහතක ව්‍යවසායකත්වයෙන් ගත් දැනුම සහ අත්දැකීම් අනාගත පරම්පරාවට දායාද කර ඔවුන්ට ගැළපෙන ව්‍යවසායකත්වයක්, ඔවුන්ට ගැළපෙන රැකියාවක් උපරිමයෙන් බිහිකර අප රට දුප්පත්කමින් මුදාගෙන අවසානයේ බෞද්ධයකු ලෙස ආධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමයි.

අප රටක් ලෙස දේශපාලනයෙන් අමිහිරි අත්දැකීම් රාශියක් ලැබුවා. එනිසා වර්තමානයේ විය යුත්තේ පාර්ලිමේන්තුවට දක්ෂ, අවංක අනාගත පරම්පරාවකට ආදර්ශයක් දිය හැකි පුද්ගලයන් පත් කිරීමයි. එයට හෘද සාක්ෂියට එකඟව සුදුසුකම් දරා ඇත්තකු ලෙස අද මම ඔබ ඉදිරියට ආවේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔබේ වටිනා මනාපයෙන් තේරී පත්වී ඔබ වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉටු කිරීමටයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT