Home » මාළු ලොරිය හැපී දක්ෂිණ අධීවේගය පුරා මාළු විසීරි යයි

මාළු ලොරිය හැපී දක්ෂිණ අධීවේගය පුරා මාළු විසීරි යයි

by yasara
October 25, 2024 2:34 pm 0 comment

දක්ෂිණ අධිවේගී මාර්ගයේ   කිලෝමීටර් 8 දශම 5  කහතුඩුව ප්‍රදේශයේදී   අද (25) අලුයම මාළු ලොරියක් සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් මාළු ලොරියේ  රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි

එම අනතුරින් මාළු ලොරිය  කැබලි කීපයකට කැඩී මාළුත් සමග මාර්ගය පුරා  විසිරී තිබූ බව පොලිසිය සඳහන් කරයි

බාහාලුමක   සිමෙන්ති කොට්ට 350ක් පටවාගෙන  ඉමුදූව කරා යමින් සිටි ලොරි රථයක පිටුපසින් අධි ශීතකරණ සහිත ලොරියක ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය කියයි

සිදු වූ එම අනතුරක් සමගම ලොරියේ ඉදිරිපස මුහුණත කොටස සහ අධිශීතකරන සහිත පිටුපස කොටස ම සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර කොළඹ දෙසට සහ ගාල්ල දෙසට මාර්ගය පුරා එම කොටස් සහ මාළු විසිරී තිබිණි

තුවාල ලද තංගල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි  කහතුඩුව වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමට එම ස්ථානය කරා ළඟා වූ පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි

මාළු ලොරියේ දුරට නින්ද යාම  හෝ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT