Saturday, April 19, 2025
Home » නිවසේ දොර කඩා තියුණු ආයුධ වලින් කාන්තාවන් දෙදෙනෙකුට පහර දීමක්

නිවසේ දොර කඩා තියුණු ආයුධ වලින් කාන්තාවන් දෙදෙනෙකුට පහර දීමක්

by yasara
October 25, 2024 1:06 pm 0 comment

මුහුණු ආවරණය කරගෙන  තියුණු ආයුධ රැගෙන අද  (25) අළුයම  නිවසකට කඩාවැදුණු පුද්ගලයන් තිදෙනෙකු  දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි .

පානදුර ඌරන්ගොඩ වත්ත  ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටී කාන්තාවන් දෙදෙනකු මෙසේ පහරකැමට ලක්ව ඇති රෝහල් ගතකර ඇති  බව සදහන් වේ.

අද අළුයම 2 ත් 3 ත් අතර කාලයේ ත්‍රිරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකු  නිවසේ ගේ ගේට්ටුව විවෘත කර ඇතුළුව නිවසේ දොරට පහරදී කඩා ඇතුළුව එහි සිටී කාන්තාවන් දෙදෙනාගේ අත්පා වලට තියුණු ආයුධයවලින් පහරදී ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් පැමිණෙන ආකාරය අසල තිබූ සිසිටීවී කැමරාවක පටිගතව ඇති බවත්, ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කීය.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් ද පරීක්ෂණ සිදුකරන ලද අතර, මත්කුඩු ජාවරමක් සම්බන්ධයෙන් පහරදීම සිදුකරන්නට ඇති බවට සැක කරන බව පොලිසිය සදහන් කරයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT