Home » හදිසියකදී දැනුම් දෙන්න ඊශ්‍රායල් ජාතිකයන්ට දුරකතන අංකයක්

හදිසියකදී දැනුම් දෙන්න ඊශ්‍රායල් ජාතිකයන්ට දුරකතන අංකයක්

by mahesh
October 25, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම් දීම සඳහා 071- 8592651 දුරකතන අංකය පොලිස් මූලස්ථානය මඟින් හඳුන්වා දී තීබේ.

සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනී යන්නේ නම් එම විශේෂ දුරකතන අංකය ඍජුව අමතා අවශ්‍ය සහයෝගය ලබාගත හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම දුරකතන අංකය පොලිස් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ වන අතර ඒ මහතා විසින් අවශ්‍යතාව පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත. තොරතුරු ලබාදීමේදී ඔබගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම අවශ්‍ය බැවින් ඒ මහතා විසින් විමසන තොරතුරු ලබාදීමට කාරුණික වන ලෙස ද පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT