28
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) පැය දෙකහමාරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. විදේශයකින් නාමල් රාජපක්ෂ මහතාට ලැබුණේ යැයි කියනු ලබන මුදලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අදාළව මෙසේ ප්‍රශ්න කර ඇත.
2010 සහ 2015 අතර කාලය තුළ එම මුදල ලැබී ඇති බවට ලද එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව සඳහන්ය. මෙතෙක් කාලයක් එම පැමිණිල්ල තිබී ඇත්තේ නිසි විමර්ශනයකට ලක් නොකරමිනි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.