යාපනයේ සිට නුවර බලා ධාවනය කළ ලංගම බස් රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කළ යුද හමුදා සෙබළෙකු කේරල ගංජා කිලෝ 04යි, ග්‍රෑම් 900ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පූනෑව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ රැඹෑව වාන, රැඹෑව පදිංචි 25 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි පූනෑව පොලිස් ස්ථානාධිපති එන්.රණසිංහ මහතා ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පෙරේදා (23) පෙරවරු 07.00 සිට 10.00 දක්වා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. එහිදී දුර සේවා බස් රථ පරික්ෂාවක් ද සිදු කර ඇත. ඒ අතරතුර යාපනයේ සිට මහනුවර බලා ධාවනය කළ ලංගම බස් රථයක් පූනෑව පොලිසිය විසින් පරික්ෂා කර ඇත. එහිදී ගමන්ගත් මඟීන් බසයෙන් බස්සවා පොලිස් නිල සුනඛයාගේ සහයත් ඇතිව බස් රථය පරික්ෂා කර ඇත. එහිදී මෙම සැකකාර සෙබළා බසයෙන් බැසීම ප්‍රකිත්ෂේප කර ඇති අතර ඔහු ආසන්නයේ තිබූ පාසල් ළමුන් පාවිච්චි කරනු ලබන කලු පැහැති බෑගය පරික්ෂා කිරීමට පොලිසිය කටයුතු කර ඇත. ඒ අනුව බෑගයේ තිබූ කේරල ගංජා සමඟ සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය සහ සැකකරු මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.