53
යාපනයේ මනිපායී ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්පෙති අලෙවි කරමින් සිටියදී ඔහුව පෙරේදා (23) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මනිපායී පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු ළඟ ඒ අවස්ථාවේදී මත්පෙති 1468ක් තිබී පොලිසියට හමු වී තිබේ.
පුත්තලම ප්‍රදේශයෙන් එක් මත් පෙත්තක් රුපියල් 65 බැගින් තොග වශයෙන් මිලට ගෙන ඇති මෙම ව්‍යාපාරිකයා යාපනයේ පාසල් සිසුන්ට එක් පෙත්තක් රුපියල් 150 බැගින් අලෙවි කර ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී තිබේ. මනිපායී පොලිසිය එම සැකකරුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.