Monday, April 21, 2025
Home » මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක්

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක්

by chanaka
October 25, 2024 4:22 pm 0 comment

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබී ඇති ලිපියක් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

ඒ අනුව, මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට අවශ්‍ය සියලුම ආරක්ෂක විධි විධාන මේ වනවිට යොදවා ඇති බවත් අධිකරණ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඉදිරි දින කිහිපය තුළ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට මහේස්ත්‍රාත්වරයාගේ නමට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී තිබුණේ ඊයේ (24) පස්වරුවේය.

එම ලිපියේ දන්වා තිබුණේ අද (25) සහ 28 යන දිනවලදී මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවයි.

මෙම ලිපිය තැපැල් කර ඇත්තේ, ව්‍යාජ ලිපිනයකින් බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙම ලිපිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT