Home » නිල නිවාස නොදුන් හිටපු ඇමැතිවරුන් 14කට සිහිකැඳවීම්

නිල නිවාස නොදුන් හිටපු ඇමැතිවරුන් 14කට සිහිකැඳවීම්

by mahesh
October 25, 2024 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

තවමත් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් දාහතර දෙනකු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නැවත සිහිකැඳවීම් නිකුත් කර තිබේ.

මෙම මස 30 වැනිදා වන විට නිල නිවාසවලින් ඉවත් වන ලෙස දන්වමින් මෙම සිහිකැඳවීම් ලිපි නිකුත් කර තිබේ. නිල නිවාසවල විදුලිය ජලය ඇතුළු සියලු උපයෝගිතා බිල්පත් පියවන ලෙස ද මෙම සිහිකැඳවීමෙන් දැනුම් දී ඇති අතර ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවට තහවුරු කර ගැනීමෙන් පමණක් නිල නිවාස නැවත භාර ගන්නා බව දැනුම් දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT