Home » මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ සේව­ක­යින් උද්ඝෝ­ෂ­ණ­යක

මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ සේව­ක­යින් උද්ඝෝ­ෂ­ණ­යක

by Gayan Abeykoon
October 24, 2024 1:02 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණ­ති­ලක

මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ පවි­ත්‍රතා කට­යුතු සිදු­ක­රන සුළු සේව­ක­යින් දෙදෙ­න­කුට පහ­ර­දුන්නේ යැයි පව­ස­මින් ඉකුත් (23) සවස මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ සේවක සේවි­කා­වන් ප්‍රාදේ­ශීය සභාව ඉදි­රි­පි­ටදී පෝස්ටර් සහ බැනර් ප්‍රද­ර්ශ­නය කර­මින් උද්ඝෝ­ෂණ ව්‍යාපා­ර­යක නිරත වූහ. සභාවේ සේව­ක­යින් දෙදෙ­නෙකු ප්‍රාදේ­ශීය සභාවේ ට්‍රැක්ටර් රථ­යෙන් කසළ ඉව­ත්ක­ර­මින් සිටි­යදී නග­රයේ සුළු ව්‍යාපා­ර­යක් පව­ත්වා­ගෙන යන අය­කුගේ කඩයේ ට්‍රැක්ට­රය හැපුණු බව පව­ස­මින් ඔහු විසින් සේව­ක­යින් දෙදෙ­නාට පහ­රදී ඇත. පහ­ර­කෑ­මට ලක්වූ සේව­ක­යෙක් මේ වන විට මොන­රා­ගල මහ රෝහලේ ප්‍රති­කාර ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT