Home » ලක්ෂ 20ක වාල­ම්පු­රි­යක් විකි­ණී­මට ගිය 2ක් අල්ලයි

ලක්ෂ 20ක වාල­ම්පු­රි­යක් විකි­ණී­මට ගිය 2ක් අල්ලයි

by Gayan Abeykoon
October 24, 2024 1:03 am 0 comment

ගම්පහ දිස්ත්රික් විශේෂ - සිසිල ගුණ­තිල, ගම්පහ අති­රේක

ගම්පහ පොලිස් වසමේ ඔරු­තොට පාරේ කළු පාලම අස­ලදී රුපි­යල් ලක්ෂ 20 ක් පමණ වටිනා වාල­ම්පු­රි­යක් විකි­ණී­මට සූදා­නම්ව සිටිය පුද්ග­ල­යන් දෙදෙ­නකු ඊයේ 22 අත්අ­ඩං­ගු­වට ගත් බව ගම්පහ කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්‍යාං­ශය පව­සයි.

ගම්පහ කොට්ඨාශ අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කෝසල ලිය­න­ආ­රච්චි මහ­තාට ලද තොර­තු­රක් මත සිදු­කළ විම­ර්ශ­න­ය­කදී මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යන් දෙදෙ­නා­ගෙන් පළමු සැක­කරු අවු­රුදු 32 ක් වය­සැති මල්වාන වල්ගම ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බවත් අනෙක් සැක­කරු 44 හැවි­රිදි මාතර හිත්තැ­ටිය සෙන්ටල්හි පදිං­චි­ක­රු­වෙකු බවත් පොලි­සිය සඳ­හන් කරයි. ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ජගත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ගම්පහ I නාලක සේනා­නා­යක යන නිල­ධා­රීන්ගේ අධී­ක්ෂ­ණය යටතේ ගම්පහ කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්‍යාං­ශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කෝසල ලිය­න­ආ­රච්චි මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් එම කාර්‍යාං­ශයේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන උද­ය­ශාන්ත, මධු­රංග , පොලිස් සැර­යන් හෙට්ටි­ආ­රච්චි (55467), පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන දිල්ෂාන් (24328), ලක්ෂාන් (25075), පබු­ශාන් (106551) යන නිල­ධා­රීහු මෙම වැට­ලී­මට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT