ගම්පහ පොලිස් වසමේ ඔරුතොට පාරේ කළු පාලම අසලදී රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා වාලම්පුරියක් විකිණීමට සූදානම්ව සිටිය පුද්ගලයන් දෙදෙනකු ඊයේ 22 අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් පළමු සැකකරු අවුරුදු 32 ක් වයසැති මල්වාන වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් සැකකරු 44 හැවිරිදි මාතර හිත්තැටිය සෙන්ටල්හි පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි. ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගම්පහ I නාලක සේනානායක යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන උදයශාන්ත, මධුරංග , පොලිස් සැරයන් හෙට්ටිආරච්චි (55467), පොලිස් කොස්තාපල්වරුන් වන දිල්ෂාන් (24328), ලක්ෂාන් (25075), පබුශාන් (106551) යන නිලධාරීහු මෙම වැටලීමට එක් වූහ.