Home » ට්‍රයි­ටන් වර්ගයේ වාල­ම්පුරි 2ක් කෝටි එක­හමා­ර­කට විකි­ණී­මට යද්දී මාට්ටු

ට්‍රයි­ටන් වර්ගයේ වාල­ම්පුරි 2ක් කෝටි එක­හමා­ර­කට විකි­ණී­මට යද්දී මාට්ටු

by Gayan Abeykoon
October 24, 2024 1:03 am 0 comment

එස්.ජී. උබේ­පාල

ට්‍රයි­ටන් වර්ගයේ වාල­ම්පුරි දෙකක් රුපි­යල් කෝටි එක­හ­මා­ර­කට අලෙවි කිරී­මට යාමේදී සැක­ක­රු­වන් දෙදෙ­නකු මැද­ව­ච්චිය පහ­ල­ග­ල්ක­න්දේ­ගම ප්‍රදේ­ශ­යේදී ඊයේ (22) ත්‍රිකු­ණා­ම­ලය, කුච්ච­වේලී වන­ජීවි කාර්යා­ලයේ නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඉහල ගල්ක­න්දේ­ගම, පූනෑව සහ පහළ ගල්ක­න්දේ­ගම, පූනෑව පදිංචි 41 හැවි­රිදි සහ 24 හැවි­රිදි සැක­ක­රු­වන් දෙදෙ­නෙකි.

අනු­රා­ධ­පුර කඳ­වුරේ බුද්ධි අංශ­යට ලද බුද්ධි තොර­තු­ර­කට අනුව නීති විරෝධී ලෙස වාල­ම්පුරි දෙකක් එක්කෝටි හැට ලක්ෂ­යක මුද­ල­කට අලෙවි කිරීම සඳහා මැද­ව­ච්චිය ප්‍රදේ­ශයේ දෙදෙ­නෙකු සූදා­නම් බවට ලද තොර­තු­රක් මත මෙම වැට­ලීම සිදු කර තිබිණි. මෙම වැට­ලීම සඳහා මැද­ව­ච්චිය අඩවි වන ජීවි නිල­ධාරි කාර්යා­ල­යක් තිබු­ණඳ එයට සහ අනු­රා­ධ­පුර වන­ජීවි කාර්යා­ල­ය­ටද තොර­තුර ලබා නොදී ත්‍රිකු­ණා­ම­ලය, කුච්ච­වේලී වන­ජීවි කාර්යා­ලයේ නිල­ධා­රීන් පැමිණ භාණ්ඩ සහ සැක­ක­රු­වන් මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඉදිරි විම­ර්ශන කට­යුතු සිදු කිරීම සඳහා මැද­ව­ච්චිය වන­ජීවී කාර්යා­ල­යට වෙත භාර දී ඇත. වන සත්ව හා වෘක්ෂ­ලතා ආඥා පනතේ 31 වන වග­න්ති­යට අනුව අධි ආර­ක්ෂිත මුහුදු බෙල්ලන්ගේ කව සන්ත­කයේ තබා ගැනීම, ප්‍රවා­හ­නය කිරීම, ප්‍රද­ර්ශ­නය කිරීම සහ අලෙවි කිරීම යන වර­ද­වල් මුල්කර ගනි­මින් මෙම සැක­ක­රු­වන් සඳහා නඩු පැව­රී­මට නිය­මි­තව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT