Home » කෝටි 2ක ගජ­මුතු 6ක් සමඟ අයෙක් කොටු

කෝටි 2ක ගජ­මුතු 6ක් සමඟ අයෙක් කොටු

by Gayan Abeykoon
October 24, 2024 1:04 am 0 comment

තංගල්ල - බන්දුල පද්ම­සිරි, සූරි­ය­වැව විශේෂ - නුවන් ජය­සේ­කර, කත­ර­ගම - කේ. ඩි. දේව­ප්රිය

රුපි­යල් කෝටි දෙක­හා­මා­ර­කට අධික වටි­නා­ක­ම­කින් යුත් ගජ­මුතු හයක් නීති විරෝධී අයු­රින් ළඟ තබා ගත් පුද්ග­ල­යකු තිස්ස­ම­හා­රාම දෙබ­ර­වැව ප්‍රදේ­ශ­යේදී පෙරේදා (22) රාත්‍රී අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය පව­සයි. රුපි­යල් කෝටි දෙක­හ­මා­ර­කට ගජ­මුතු කිහි­ප­යක් අලෙවි කිරී­මට සූදා­නම්ව සිටි පුද්ග­ල­යෙකු දෙබ­ර­වැව ප්‍රදේ­ශයේ ලැගු­ම්හ­ලක රැඳී සිටින බවට වීර­විල ගුවන් හමුදා කඳ­වුරේ බුද්ධි අංශයේ නිල­ධා­රින්ට ලද තොර­තු­රක් මත තිස්ස­ම­හා­රාම පොලි­සිය මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු­කර තිබේ. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු වල­ස්මුල්ල බෝවල උතුර ප්‍රදේ­ශයේ පදිංචි 30 හැවි­රිදි අයෙකි. ඔහු ඊයේ (23) තිස්ස­ම­හා­රාම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සිසිර පෙත්ත­තන්ත්‍රි මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ තිස්ස­ම­හා­රාම පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT