රුපියල් කෝටි දෙකහාමාරකට අධික වටිනාකමකින් යුත් ගජමුතු හයක් නීති විරෝධී අයුරින් ළඟ තබා ගත් පුද්ගලයකු තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේදී පෙරේදා (22) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. රුපියල් කෝටි දෙකහමාරකට ගජමුතු කිහිපයක් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයෙකු දෙබරවැව ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටින බවට වීරවිල ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත තිස්සමහාරාම පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වලස්මුල්ල බෝවල උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි. ඔහු ඊයේ (23) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි මහතාගේ අධීක්ෂණය යටතේ තිස්සමහාරාම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.