මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ, දෙල්කඳ, උඩහමුල්ල, මාදිවෙල, ප්‍රගතිපුර වැනි ප්‍රදේශයන්හි මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි කැකුළි නමැත්තිය රුපියල් තුන් ලක්ෂ පනස්දහසකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
මිලිග්‍රෑම් 200ක බරකින් සමන්විතවූ කුඩාවට ඔතන ලද හෙරොයින් පැකට් 160ක් සමඟ ඊයේ (22) සවස නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ දී කළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බව ද එම ඒකකය කියයි.
ගල්කිස්ස, බඩෝවිටවත්ත ප්‍රදේශයේ ස්ථානයක සිට හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙනවිත් නුගේගොඩ නගරයට තදාසන්න ප්‍රදේශවල බෙදාහරින බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් 54478 වසන්ත නිලධාරියාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. සැකකාරිය නුගේගොඩ, දෙල්කඳ, හයිලෙවල් මාර්ගය ආසන්නයේදී ගැනුම්කරුවකුට ලබාදීම සඳහා හෙරොයින් මත්කුඩු කුඩාවට ඇසුරුම් කරන ලද පැකට් බාහාලු ප්ලාස්ටික් ඇසුරුමක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණිය රාහුලපුර, මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අවිවාහක කාන්තාවකි. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්. ජයමහ, නුගේගොඩ කලාප අංක 01 භාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙනිය මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (54478) වසන්ත, පොලිස් කොස්තාපල් (11528) චන්ද්‍රකුමාර, (102719) ගයාෂාන්, (103174) දේවනාත්, කාන්තා පොලිස් කොස්තාපල් (12866) උපේක්ෂා යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.