Home » දුම්රිය දේපොළ කොල්ල­කද්දී වෙඩි

දුම්රිය දේපොළ කොල්ල­කද්දී වෙඩි

දෙදෙ­නෙක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ

by Gayan Abeykoon
October 24, 2024 1:04 am 0 comment

දෙහි­වල - ඩී.පී. හේරත් කළු­තර මධ්යම විශේෂ

රත්ම­ලාන දුම්රිය අංග­ණයේ දේපොළ සොරා­ගැ­නී­මට ඊයේ (23) අලු­යම දුම්රිය අංග­ණය ඇතු­ළට පැමිණි මත්කු­ඩු­ලෝ­ලීන් පස් දෙනෙ­කු­ගෙන් එක් අයෙ­කුට ආර­ක්ෂක නිල­ධා­රින් තැබූ වෙඩි පහ­රක් කකු­ලට වැදී තුවාල ලබා ඇති බවත්, සැක­ක­රු­වන් පහ­ර­දී­මෙන් ආර­ක්ෂක නිල­ධාරි මහ­තකු ඇතුළු දෙදෙ­නකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ප්‍රති­කාර සඳහා ඇතු­ළත් කරනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨා­සය පව­සයි.

මෙම සිදු­වීම ඊයේ (23) අලු­යම 3.00ට පමණ සිදුවී ඇති බවත් පස්දෙ­නෙකු දුම්රිය අංග­ණ­යට ඇතුළු වී දුම්රිය දේපොළ සොරා­ගැ­නී­මට තැත් කිරී­මේදී ආර­ක්ෂක නිල­ධා­රින් විසින් ඔවුන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සැර­සී­මේදී එකී සැක­ක­රු­වන් ආර­ක්ෂක නිල­ධා­රින්ට පහ­රදී පලා යාමට උත්සාහ කර ඇති අතර, එම අව­ස්ථාවේ ආර­ක්ෂක නිල­ධා­රින් තැබූ වෙඩි පහ­රක් සැක­ක­රු­ව­කුගේ කකු­ල­කට වැදී වැටී සිට ඇති අතර, අනෙක් සැක­ක­රු­වන් හතර දෙනා පලා­ගොස් ඇති බවත් පොලි­සිය පැව­සීය.

ඒ අනුව ආර­ක්ෂක නිල­ධා­රින් විසින් හදිසි අන­තුරු සේවා 1990 ගිලන් රථ­යක් ගෙන්වා­ගෙන තුවාල ලබා සිටි සැක­කරු හා සැක­ක­රු­වන් පහර දීමෙන් තුවාල ලැබූ ආර­ක්ෂක නිල­ධාරි මහ­තාද වහාම දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ප්‍රති­කාර සඳහා ඇතු­ළත් කරනු ලැබ ඇත.

මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ප්‍රශන්න බ්‍රාහ්ම­ණගේ මහ­තාගේ අධී­ක්ෂ­ණය මත ගල්කිස්ස මූල­ස්ථාන ප්‍රධාන පොලි­ස්‌ ­ප­රී­ක්ෂක දිලීප සී. පෙරේරා මහ­තාගේ උප­දෙස් මත පොලිස් කණ්ඩා­ය­මක් විසින් සිදු­ක­ර‍ෙ­ගන යනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT