Home » බීඩි කොළ ඇසු­රුම් 18ක් නීති විරෝධී යාත්‍රා­ව­කින් ප්‍රවා­හ­නය කළ 2ක් කොටු

බීඩි කොළ ඇසු­රුම් 18ක් නීති විරෝධී යාත්‍රා­ව­කින් ප්‍රවා­හ­නය කළ 2ක් කොටු

by Gayan Abeykoon
October 24, 2024 1:03 am 0 comment

කල්පි­ටිය සමූහ - කුමාරී පද්ම­ලතා, පුත්ත­ලම සමූහ - ක්රිස්ටිල් ප්රනාන්දු

නීති විරෝධී ලෙසින් තීරු­බදු රහි­තව ඉන්දි­යාවේ සිට මුහුදු මඟින් මෙර­ටට ගෙන්වන ලද බීඩි කොළ ඇසු­රුම් 18ක් යාත්‍රා­ව­කින් ප්‍රවා­හ­නය කර­මින් සිටි පුද්ග­ල­යින් දෙදෙ­නෙකු ඊයේ (23) අලු­යම කල්පි­ටිය ඉප්ප­න්තිව් දූපත ඉදි­රි­පිට කල­පුවේ දී වයඹ නාවුක නෞකා විධා­න­යට අයත් විජය ආය­ත­නය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

බීඩී කොළ කිලෝ ග්‍රෑම් 539 ක් මෙම ඇසු­රු­ම්වල තිබී ඇති අතර, එහි දළ වටි­නා­කම ලක්ෂ 25කට ආසන්න වේ.

සැක­ක­රු­වන් කල්පි­ටිය ජන­ස­වි­පුර පදිංචි වයස අවු­රුදු 23 හා 25 යන වයසේ අය­ව­ලුන් වෙති. සැක­ක­රු­වන්, යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි පරී­ක්ෂණ කට­යුතු සඳහා නාවුක හමුදා භාර­යට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT