දේශීයව නිෂ්පාදන වන පොල් කිරි සහ ජෙලි අපනයනය කරන මුවාවෙන් කටාර් රාජ්‍යයට යැවීමට සූදානම් කොට තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගණේමුල්ල පොලිසිය සඳහන් කරයි.
වයස අවුරුදු 42ක් වන මොහු ගණේමුල්ල, තිබ්බොටුගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.
මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිදුවීම් වාර්තා වුවද සූක්ෂ්ම ලෙස අසුරා මෙලෙස වෙනත් රටවලට මත්කුඩු යැවීමක් සම්බන්ධයෙන් ඛරපතළ වාර්තා වීමක් මෙසේ සිදුවී නොමැති බවද පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස වැටලූ අවස්ථාවේ ඔහු වෙළෙඳ සලෙන් රැගෙන එන ලද බඩු ලෙස පොල් කිරි පැකට් සහ ජෙලි පැකැට්ටු පොලිසියට පෙන්වා ඇති අතර, සැක සිතෙන අයුරින් තිබූ පොලිතීන් ඉවත් කර බැලීමේදී ඒ තුළ මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබුණු බවද පොලිසිය පවසයි. පොලිසිය පවසන අන්දමට වැටලීම සිදු කළ දිනයේ දී කටාර් රාජ්‍යයට යැවීම සඳහා භාණ්ඩ විදේශ රටවලට යැවීම සිදු කරනු ලබන ආයතනයට ලබාදීමට සැලසුම් කර තිබී ඇත. සැකකරු ප්‍රදේශයේ යකඩ වෑල්ඩින් කාර්මිකයෙකු ලෙස පෙනී සිට ඇති බවත් යම් පුද්ගලයකුට මොහු ගැන සැක සිතී පොලිසියට ලබා දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික බවත් මෝදර ප්‍රදේශයෙන් මත්කුඩු ලබාගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිව තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.
ගණේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.