Home » මුහුණට මුහුණ

මුහුණට මුහුණ

by Gayan Abeykoon
October 24, 2024 1:06 am 0 comment

බලා­පො­රො­ත්තු වූ වෙනස යථා­ර්ථ­යක් කරන්න අපට පුළු­වන්

ජාතික ජන බල­වේ­ගයේ ගාලු දිසා කාන්තා බළ­කායේ විධා­යක කමිටු සාමා­ජිකා,  පාර්ලි­මේන්තු මන්ත්‍රී­ධුර අපේ­ක්ෂිකා, නීතිඥ හසාරා ලිය­නගේ

* ඔබ ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යට සම්බන්ධ වෙන්නේ මොන විදි­හට ද?

ඇත්ත­ටම සමාජ ක්‍රියා­කා­රි­නි­යක් විදි­හට වැඩ කළාට දේශ­පා­ල­න­යට සම්බන්ධ වෙන්නේ 2022 දී වගේ මෑත කාලයේ.  විශේ­ෂ­යෙන්ම ජාතික ජන බල­වේ­ගයේ  “ගැහැනු අපි එක මිටට” කියන තේමා­වත් එක්ක කාන්තා­වන් බල­මු­ළු­ගැ­න්වීමේ වැඩ­ස­ට­හ­නත් එක්ක. එහිදී බිම්ම­ට්ටමේ සංවි­ධාන කට­යුතු,  සංවි­ධාන ව්‍යුහ­යන් ගොඩ­නැ­ඟී­මට මං දායක වෙනවා. එතැ­නින් එහාට ගාල්ල දිස්ත්‍රි­ක්කය පුරාම කාන්තා සවි­ධාන ගොඩ­නැ­ඟීම හා කාන්තා­වන් දේශ­පා­ල­නි­කව දැනු­වත් කිරීමේ ක්‍රියා­ව­ලිය මේ දක්වාම අඛ­ණ්ඩව සිද්ධ වෙනවා.

 

* ඔබ වෘත්ති­යෙන් නීති­ඥ­ව­රි­යක්. වෘත්තීය ජීවි­තය දේශ­පා­ල­න­යත් එක්ක බැඳී­මක් තියෙ­න­වාද? ගැටී­මක් තියෙ­න­වාද?

ඔබ කීවා වගේ මං මූලික වශ­යෙන් බල­පි­ටිය උසා­වියේ නීති­ඥ­ව­රි­යක් විදි­හට වැඩ කර­නවා. හැබැයි ඒ විත­රක් නෙවෙයි, පෞරුෂ සංව­ර්ධන පුහු­ණු­කා­රි­නි­යක් ලෙසත් මං වැඩ කර­නවා. ඒක මට බාධා­වක් නම් වුණේ නෑ. මොකද  මම වැඩ­ක­රපු හා දැන­ට­මත් වැඩ කරන මේ වෘත්තීන් දෙකම මට දේශ­පා­ල­න­යට පිටි­ව­හ­ලක් වුණා. වෙනත් විදි­හ­කට කිය­නවා නම් මේ ක්ෂේත්‍ර දෙකම මිනි­සුන්ගේ ප්‍රශ්න ගැන, කතා කරන ගැටෙන ක්ෂේත්‍ර­යන් දෙකක්. ඒ නිසාම එයින් මට මගේ දේශ­පා­ලන ක්‍රියා­කා­ර­කම් හා අත්දැ­කී­ම්ව­ලට ඒ තුළින් ලොකු පිටි­ව­හ­ලක් ලැබ­නෙවා. මේ නිසා මට  මිනි­සුන්ට තියෙන ප්‍රශ්න ගැන හොඳ අව­බෝ­ධ­යක් ලැබුණා.

 

* ප්‍රධාන ධාරාවේ ක්‍රියා­කාරී දේශ­පා­ලන පක්ෂ හා සංවි­ධාන බොහෝ තිබි­යදී, ඔබ ජාතික ජන බල­වේ­ගය වගේ පක්ෂ­යක් තෝරා ගන්නේ ඇයි?

මෙතු­වක් කාල­යක් පුරා­ව­ටම අපි  වෙනත් පක්ෂ­වල වැඩ­පි­ළි­වෙළ දැක්කා. එයාලා ඇත්ත­ටම වැඩ කරන විදිහ දැක්කා. ඒ හැම තැන­ක­දීම කාන්තා­වන් යොදා­ගනු ලැබුවේ ඡන්දය ගැනීම සඳහා පම­ණයි. ඒත් ජාතික ජන බල­වේ­ගය කාන්තා­වන්ට දෙන්නේ මොන වගේ තැනක්ද කියන එකට හොඳම උදා­හ­ර­ණය තමා වත්මන් අග­මැ­ති­නිය හරිනි අම­ර­සූ­රිය සහෝ­ද­රිය. එත­කොට ඇය ඇත්ත­ටම මට දේශ­පා­ල­න­යට පූර්වා­ද­ර්ශ­යක් සැප­යූවා. මං වගේම තවත් කාන්තා­වන් බොහෝ­ම­ය­කට මේ දේශ­පා­ල­න­යට එක­තු­වෙන්න උත්තේ­ජ­නය සැප­යුවා. සක්‍රි­යව මැදි­හත් වෙන්න ප්‍රධාන හේතු­වක් ඒක.

 

* ඔබ ගම්ම­ට්ට­මින් සංවි­ධා­නයේ පහළ තලය සංවි­ධා­නය කරන කෙනෙක් විදි­හට, ඒ මට්ටමේ මිනි­සුන්ට ඇත්ත­ටම තමන්ගෙ එදි­නෙදා අව­ශ්‍ය­තා­ව­ලින් එහාට ගිය ඔබලා යෝජනා කරන විදිහේ වෙන­සක් ගැන අව­බෝ­ධ­යක් තියෙ­න­වද?

ඔබ කිය­නවා වගේ පහු­ගිය හැම ආණ්ඩු­වම, හැම දේශ­පා­ලන පක්ෂ­යක්ම කළේ ගමට බෝක්කු­වක් පාල­මක්, පුද්ග­ලි­කව මොකක් හරි එදි­නෙදා සුළු වාසි­යක් එක්ක දේශ­පා­ල­නය කරන එක තමා. මිනිස්සු ඡන්දය දුන්නෙත් එහෙම. මිනි­ස්සුත් දැන­ගෙන හිටියා මේ අය අපේ ළඟට එන්නෙ ඡන්දෙ කාලෙට විත­රයි කියලා. ඒත් දැන් එහෙම නෑ.

මේ මෑත කාලය පුරා­ව­ටම අපි ගම්වල ගෙවල් ගානෙ ඇවිද්දා. තාමත් ඇවි­දි­නවා. දැන් මිනිස්සු තමන්ගෙ පෞද්ග­ලික අව­ශ්‍ය­තා­ව­න්ගෙන් එහාට ගිහිල්ලා. ‘අපට පෞද්ග­ලි­කව මොන­වත් නැති වුණාට කමක් නෑ. මේ රට හැදෙ­නව නම් ඒ ඇති’ කියලා හිතන අය තමා දැන් වැඩි­පු­රම ඉන්නෙ. අද දවස පුරාම තිබුණු රැස්වීම් ඉවර කරලා එද්දිත් මිනිස්සු කියන්නෙ ඒකයි. එහෙම මිනිස්සු සාධ­නීය විදි­හට වෙනස් වුණේ නැති­නම් 3%ක තිබුණු පක්ෂ­යක් රටේ ජනා­ධි­ප­ති­ව­රයා තෝරා­පත් කර ගැනී­මට තරම් වර්ධ­නය වෙන්නට හේතු­වක් නෑනෙ. දේශ­පා­ල­නයේ ලොකු පරි­ව­ර්ත­න­යක් වෙලා තියෙ­නවා. බිම්ම­ට්ටමේ මිනිස්සු පවා අපි රැස්වී­ම­කට ගියාම අපට පුද්ග­ලි­කව කිසිදු දෙයක් එපා කිය­නවා. පොදුවේ මිනි­ස්සුන්ට නිද­හසේ ජීවත් වෙන්න පුළු­වන් රටක් හදල දෙන්න කියලා තමා කියන්නෙ. මිනි­සුන්ගේ ආකල්ප වෙන­ස්වීම තමා වැද­ගත්.

 

* මේ මහ මැති­ව­ර­ණ­යෙන් ශක්ති­මත් ආණ්ඩු බල­යක් ලබා ගත හැකි ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලැබෙ­යිද ?

අනි­වා­ර්ය­යෙන්ම අපි මේ සැරේ බහු­තර බල­යක් තියෙන ශක්ති­මත් පාර්ලි­මේ­න්තු­වක් හද­නවා. ඒ වෙනු­වෙන් මිනිස්සු එකතු වෙලා ඉන්නවා. පහු­ගිය වතා­වේදී ප්‍රති­වාදී  කණ්ඩා­යම් නඟපු බොරු, මඩ අව­ලාද විශ්වාස කරපු බොහෝ පිරි­සක් අපට ඡන්දය දෙන්න බයෙන් හිටියා. දේශ­පා­ලන පළි­ගැ­නීම් සිද්ධ වෙයි. මේ රට ලේ විලක් වෙයි වගේ ඉතාම ම්ලෙච්ඡ සහ­ගත ප්‍රකාශ කළා. ඒත් දැන් මිනිස්සු දන්නවා අපි කියන දේ කරන නිසි වැඩ­පි­ළි­වෙ­ළක් තියෙන බල­වේ­ග­යක් කියලා. ඒක අපි ඔප්පු කර­ලයි ඉන්නෙ. අප­රාදෙ ඡන්දෙ නොදුන්නෙ කියලා කියන අය ගම්ව­ලදි මට හම්බ­වෙ­නවා. ගෘහස්ථ සාක­ච්ඡා­වක්, රැස්වී­මක් ඉවර වුණාම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී නොදුන්නු,  දැන් එක­තු­වුණු අය සිටින බව පේනවා. කලින් ගත්තු ජන වර­මට වඩා ප්‍රති­ශ­ත­ය­කින් අපට දිනන්න පුළු­වන්. මේ මහ­මැ­ති­ව­ර­ණ­යෙන් ශක්ති­මත් පාර්ලි­මේ­න්තු­වක් අපි නියත වශ­යෙන්ම හද­නවා.

 

* අනුර සහෝ­ද­රයා යන්නෙත් ගිය ජනා­ධි­ප­ති­ව­රයා ගිය පාරෙ­මයි කියලා විප­ක්ෂයේ අය චෝදනා කර­නවා. ඒක එහෙම නෙවෙ­යිද?

පක්ෂ­යක් විදි­හට නෙවෙයි, මේ පාරේ අපි රටක් විදි­හට ටික දුරක් ඇවිත් ඉන්නෙ. එත­කොට ආපහු හැරෙන්න අමා­රුයි. මිනි­ස්සුන්ට ප්‍රශ්නය තිබුණේ අත්‍ය­වශ්‍ය මොහො­තක ණය ගැනීම නෙවෙයි, ගන්න ණයෙ­නුත් හොරා කයිද කියන බය. මීට කලින් දිග­ටම වෙලා තිබුණෙ එහෙම එකක්. මූල්‍ය­මය විනි­වි­ද­භා­වය නැති­කම ලොකු ප්‍රශ්න­යක්.  සාමාන්‍ය ජන ජීවි­තය කඩා­ක­ප්පල් වෙන, ඒකට බාධා කරන කිසිදු දෙයක් අපි කරන්නෙ නෑ. මූල්‍ය­මය විනි­වි­ද­භා­වය ආරක්ෂා කර­නවා. එක සත පහ­ක­වත් වංචා­වක් දූෂ­ණ­යක් නොවන විදි­හට වැඩ කර­නවා. මිනි­සුන්ට ප්‍රති­ලාභ ලැබෙන විදි­හට ඒ ණය ආයෝ­ජ­නය කර­නවා. පසු­ගිය නාය­ක­යින් නොක­ළේම ඒකයි.

 

* තාම වෙන­සක් දැනිලා නෑ කිය­ලත් සම­හරු චෝදනා කර­නවා. අව­සාන වශ­යෙන් ඒ ගැන මොකද හිතන්නේ?

2048 වෙන­කල් ඉව­සන්න කියල කියපු අයට තමා දැන් ලොකුම හදි­ස්සිය. දැන් මේ රට කරන්නෙ ලෝකයේ කුඩාම කැබි­නට් මණ්ඩ­ල­යක්.  මේ ගෙවෙන්නේ සංක්‍රාන්ති යුග­යක්. මරණ මංච­කයේ සිටින ලෙඩෙක් වගේ රට තියෙන්නෙ. අපට කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩ­පි­ළි­වෙ­ළක් තියෙ­නවා. ඒකත් එක්ක රට ඉදි­රි­යට යනවා. ප්‍රති­වා­දීන්ට බොරු ප්‍රචාර කරන්න පුළු­වන්. ඒත් ඒවට මිනිස්සු වලං­ගු­තා­වක් දෙන්නෙ නෑ. ඉදිරි පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් පසු අපගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ තියෙන බොහෝ දේවල් නිසි කලට වෙලා­වට කර­මින් මිනි­සුන් බලා­පො­රොත්තු වූ වෙනස යථා­ර්ථ­යක් කරන්න අපට පුළු­වන්.

 

ප්‍රියාන් ආර්. විජේ­බ­ණ්ඩාර

 


මේ ආණ්ඩු­වට බලය දීලා වැඩ කරන්න යම් සාධ­නීය කාල­යක් දිය යුතුයි

සර්ව­ජන බලය සන්ධා­නයේ මාතර දිස්ත්‍රික් කණ්ඩා­යමේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී  වීර­සු­මන වීර­සිංහ

අද මුහුණට මුහුණ සංවාදය සඳහා එක්වන්නේ ජාතික ජන බල­වේ­ගයේ ගාලු දිසා කාන්තා බළ­කායේ විධා­යක කමිටු සාමා­ජිකා, මෙවර පාර්ලි­මේන්තු මන්ත්‍රී­ධුර අපේ­ක්ෂිකා, නීතිඥ හසාරා ලිය­නගේ සහ සර්ව­ජන බලය සන්ධා­නයේ මාතර දිස්ත්‍රික් කණ්ඩා­යමේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී වීර­සු­මන වීර­සිංහ යන අයයි.

 

* මහ­මැ­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් තබා තිබෙන බලා­පො­රොත්තු මොන­වාද ?

මෙවර මහ­මැ­ති­ව­ර­ණය සඳහා පක්ෂ රැසක් සමඟ සන්ධා­න­ග­තව තමයි සර්ව­ජන බලය සන්ධා­නය මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙන්නේ. අපි සන්ධා­න­යක් විදි­යට දිස්ත්‍රික්ක 22ක් සඳහා තරග කර­නවා. දේශ­පා­ලන අද්දැ­කීම් තිබෙන, විවිධ වෘත්තීන් නියෝ­ජ­නය කරන, තරුණ තරු­ණි­යන් වගේම දක්ෂ, උගත් බුද්ධි­මත් පිරි­සක් මෙවර ඉදි­රි­පත් කරලා තිබෙ­නවා. එම නිසා අපිට විස්වා­ස­යක් තිබෙ­නවා අපි නියෝ­ජ­නය කරන සෑම දිස්ත්‍රි­ක්ක­ය­කින්ම එක මන්ත්‍රී ධුර­යක් හෝ ඊට වැඩි සංඛ්‍යා­වක් ලබා­ගන්න පුළු­වන් කියලා. එම නිසා මම ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩු පක්ෂ­යට හෝ විප­ක්ෂ­යට නියෝ­ජි­ත­යන් තෝරා යැවීමේ දී වංචා­වට, දූෂ­ණ­යට වගේම භීෂ­ණ­යට සම්බන්ධ නොවූ පිරිස් යවන්න කියලා.

 

* ඔබ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙ­කුගේ භූමි­කාව ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණත් සමග. එහෙත් ඔබ මෙවර තරග කරන්නේ වෙනත් සන්ධා­න­ය­කින්. ඇයි එම පක්ෂය අත­හැර වෙනත් තැන­කට යන්න තීර­ණය කරන්නේ ?

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ගොඩ­න­ඟන්න, එය ශක්ති­මත්ව ජන­තාව අත­රට ගෙනි­යන්න අපි විශාල කැප­කි­රී­මක් කළා. එහිදී අපි ජන­තා­වට සුවි­ශේෂී බලා­පො­රොත්තු රැසක් දුන්නා. ඒ සියල්ල විශ්වාස කරලා තමයි ජන­තාව විශාල ඡන්ද සංඛ්‍යා­ව­කින් ජනා­ධි­ප­ති­ව­රයා පත් කළේ. තුනෙන් දෙක­කට ආසන්න පාර්ලි­මේන්තු බල­යක් දුන්නේ. එහෙත් ටික කාල­යක් යද්දි ආණ්ඩුව ජන­තා­වට ලබා­දුන් පොරො­න්දු­ව­ලින් බැහැර වෙලා වෙනත් ගම­නක් යන්න පටන් ගත්තා. එම පොරොන්දු අම­තක වෙන්න පටන් ගත්තා. අප දිගින් දිග­ටම සටන් කළා ඒ ගමන වෙනස් කරලා ජන­තාව ඉල්ලූ ගමන යන්න. එහෙත් එය සිදු නොවන බව අව­බෝධ වෙද්දි ඒ මොහොතේ තිබුණ ප්‍රබල ආණ්ඩු පක්ෂ­යෙන් ඉවත්ව විප­ක්ෂ­යට ගොස් ජනතා අභි­ලා­ෂ­යන් වෙනු­වෙන් පෙනී සිටින්න මම තීර­ණය කළා. මම හිතන්නේ මාතර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­රු­න්ගෙන් මුලින්ම විප­ක්ෂ­යට ගියේ මමයි.

 

* ඔබ ඉදි­රි­පත් වෙන්නේ අලුත් කණ්ඩා­ය­මක් එක්ක. ජය­ග්‍ර­හ­ණය කරන්න පුළු­වන් කියන විස්වා­සය තිබෙ­න­වාද ?

අපේ කණ්ඩා­යම අලුත් නැහැ. ප්‍රාදේ­ශීය මට්ටමේ සිට පාර්ලි­මේන්තු දක්වා අද්දැ­කීම් තිබෙන පිරිස් අපේ කණ්ඩා­යමේ ඉන්නවා. උගත්, බුද්ධි­මත් පිරිස් ඉන්නවා. තරුණ තරු­ණි­යන් ඉන්නවා. ව්‍යසා­ය­ක­යන් වගේම විවිධ වෘත්තීන් නියෝ­ජ­නය කරන පිරිස් ඉන්නවා. මේ අය පසු­ගිය කාලය පුරා­ව­ටම ජන­තාව සමඟ වැඩ කළ අය. අපි සමඟ ඉන්න කිසි­වෙ­කුට චෝදනා නැහැ. විශේ­ෂ­යෙන්ම මම දේශ­පා­ල­නය පටන් අර­ගෙන අවු­රුදු 27ක් වෙනවා. ප්‍රාදේ­ශීය සභාව, පළාත් සභාව වගේම පාර්ලි­මේ­න්තු­වත් නියෝ­ජ­නය කරන්න හැකි­යාව ලැබිලා තිබෙ­නවා. පාර්ලි­මේ­න්තුවේ හිටිය අවු­රුදු හත­රක කාලය තුළ මගේ දිස්ත්‍රි­ක්කයේ ජන­තා­වගේ වගේම සමස්ත රටේ ජන­තා­වගේ ප්‍රශ්න වෙනු­වෙන් පෙනී සිටියා.

 

* ඒ කියන්නේ ජාතික ජන බල­වේ­ග­යට හෝ ඉදි­රි­පත් වී සිටින අනෙක් පක්ෂ­ව­ලට වඩා ඔබේ පක්ෂය ප්‍රබ­ල­යිද ?

අපි බිම් මට්ටමේ සිට දේශ­පා­ල­නය කරන පිරිස්. මම කියන්නේ නැහැ මේ වෙලාවේ ජාතික ජන බල­වේ­ගය පරා­ජය කරලා ආණ්ඩු බලය ලබා ගන්න පුළු­වන් කියලා. මම අපේ දිස්ත්‍රි­ක්කය ගැන කතා කර­න්නම්. එහිදී ජාතික ජන බල­වේ­ගය දිස්ත්‍රි­ක්කය ජය­ග්‍ර­හ­ණය කරාවි. නමුත් අපිට දිස්ත්‍රි­ක්ක­යෙන් මන්ත්‍රී ධුර දෙකක් හෝ තුනක් ලබා­ගත හැකි බව බිම් මට්ට­මත් එක්ක කට­යුතු කරද්දී හැඟී ගොස් තිබෙ­නවා. අනෙක් කාර­ණය ජාතික ජන බල­වේ­ගයේ ජනා­ධි­ප­ති­ව­ර­යෙක් දැන් ඉන්නේ. ඔවුන්ට ආණ්ඩු බලය ලබා­දීලා යම් සාධ­නීය කාල­යක් වැඩ කරන්න ඉඩ ලබා­දිය යුතුයි. හොඳ දෙයක් වෙනවා නම් සහ­යෝ­ගය දෙන ගමන් වැරැදි දෙයක් වෙනවා නම් අනි­වා­ර්යෙන්ම ඊට විරු­ද්ධව පෙනී ඉන්න අප කට­යුතු කර­නවා. ඒ වගේම ඉදි­රි­පත් වෙලා ඉන්න අනිත් කණ්ඩා­යම් දිහා බැලු­වම සර්ව­ජන බල­වේ­ගය ඊට වඩා ප්‍රබල තැනක ඉන්නවා. ඒ කියන්නේ ප්‍රබල විප­ක්ෂ­ය­කට නාය­ක­ත්වය දෙන්න අපේ සන්ධා­න­යට පුළු­වන් කියන විශ්වා­සය අපිට තිබෙ­නවා.

 

* එහෙත් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ බොහෝ පිරි­සක් මෙවර මැති­ව­ර­ණ­යට තරග කරන්නේ නැහැ. ඔබේ දිස්ත්‍රි­ක්කය ගත්තත් එය දකින්න පුළු­වන්. එවැනි තත්ත්ව­යක් තිබි­යදී මෙවර ඉදි­රි­පත් වෙන්න බියක් හෝ චකි­ත­යක් තිබුණේ නැද්ද ?

පසු­ගිය කාලයේ හිටපු මන්ත්‍රී­වරු, ප්‍රබල යයි කියා ගන්නා විශාල පිරි­සක් මෙවර ඡන්දය ඉල්ල­න්නෙම නැතුව ඉවත් වෙලා ඉන්නවා. තවත් පිරි­සක් ජාතික ලයි­ස්තු­ව­ලට රිංග­ගෙන ඉන්නවා. තමන් හරි­යට වැඩ කළා­නම්, ජනතා අභි­ලා­ෂ­යන් වෙනු­වෙන් නිවැ­රැදි ලෙස පෙනී සිටිය නම් අයින් වෙන්න හේතු­වක් නැහැ. අපේ දිස්ත්‍රි­ක්කයේ පවා පසු­ගිය වර ඉල්ලු පිරි­ස­ගෙන් බහු­ත­ර­යක් මෙවර ඉල්ලන්නේ නැහැ. මට එවැනි කිසිම බියක් හෝ චකි­ත­යක් නැහැ. මම හැම­දාම නිවැ­රැදි දේ වෙනු­වෙන් පෙනී සිටියා. පාසල් යන කාලයේ පවා මම නිවැ­රැදි දේ වෙනු­වෙන් පෙනී සිටියා. ජන­තාව අත­රට යද්දි ඔවුන් කියන්නේ මන්ත්‍රී­තුමා විත­රයි අපි වෙනු­වෙන් පෙනී සිටියේ කියලා. ඒ නිසා නොබි­යව ඉදි­රි­පත් වුණා.

 

* ඇත්ත­ටම පසු­ගිය පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරපු 225 දෙනාම දූෂි­ත­යන් ද ?

ඒක මම පිළි ගන්නේ නැහැ. ඔය 225 අතර වංචා­වට, දූෂ­ණ­යට, භීෂ­ණ­යට සම්බන්ධ නොවූ පිරි­සක් ඉන්නවා. ඒත් කිහිප දෙනෙක් ඒවා කරද්දි 225ටම ඒ ඇඟිල්ල දික් වෙනවා. මම විශ්වාස කර­නවා පසු­ගිය පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරපු ඇතැම් පිරි­සක් ඉන්නවා තව දුර­ටත් පාර්ලි­මේ­න්තුවේ රැ‍ඳෙන්න ඕන. නමුත් අවා­ස­නා­ව­කට එම තත්ත්වය නැතිව ගොස් තිබෙ­නවා.

 

*අව­සාන වශ­යෙන් සර්ව­ජන බලය සන්ධා­නය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් ඉහළ ජය­ග්‍ර­හ­ණ­යක් ලබා­ගන්න පුළු­වන් යැයි ඔබ විශ්වාස කර­න­වාද ?

දිස්ත්‍රික් 22කට අපි තරග කර­නවා. ඒ අතු­රින් මාතර, ගාල්ල, ගම්පහ, කුරු­ණෑ­ගල, නුවර, කොළඹ වගේම දිස්ත්‍රික් ගණ­නා­වක් අපිට ඉහළ වාසි තිබෙ­නවා. එම දිස්ත්‍රි­ක්ක­ව­ලින් මන්ත්‍රී ධුර දෙකක් හෝ තුනක්  ගන්න පුළු­වන්. විශේ­ෂ­යෙන්ම මම නියෝ­ජ­නය කරන මාතර දිස්ත්‍රි­ක්ක­යෙන් මන්ත්‍රී ධුර දෙකක් හෝ තුනක් ලබා ගන්න පුළු­වන් කියන විශ්වා­සය අපිට දැඩිව තිබෙ­නවා. ඒ අනුව ගනිද්දී ඊළඟ පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂ­යට නියම නාය­ක­ත්වය ලබා දෙන්න පුළු­වන් සර්ව­ජන බලය සන්ධා­න­යට කියන එක මම විශ්වා­ස­යෙන් කිය­නවා.

 

නුවන් කොඩි­කාර

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT