Home » ගෙවල් බින්ඳ සොරෙක් ලක්ෂ 15 ක බඩු සමඟ මාට්ටු වෙයි

ගෙවල් බින්ඳ සොරෙක් ලක්ෂ 15 ක බඩු සමඟ මාට්ටු වෙයි

by yasara
October 24, 2024 10:46 am 0 comment

වාද්දුව , වාද්දුව සහ අවට පොලිස් වසම් රැසක දීර්ඝ කාලයක් තිස්සේ නිවාස බිඳුම් සිදුකල  බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසයට පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු නිවාස වලින් සොරකම් කරන ලද  ලක්ෂ 15 කට ආසන්න රන් භාණ්ඩ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට අලෙවි කොට තිබියදී සොයාගෙන ඇති අතර ,  වටිනා ජංගම දුරකථන 6 ක්  සහ තව ජංගම දුරකථන උපාංග සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ද විවිධ පුද්ගලයන්ට අඩු මුදලට විකුණා සහ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු වාද්දුව  ප්‍රදේශයේ  නිවසකට ඇතුල්වීමට උත්සාහ කරන අයුරු එම නිවසේ සවි කර තිබූ සිසිටීවී කැමරාවක සටහන්ව තිබීමෙන් පසු ඒ ඔස්සේ පරීක්ෂණ කර අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT