Home » බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථනයක් ඇතුළු දුරකථන කොටස් හමුවෙයි

බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථනයක් ඇතුළු දුරකථන කොටස් හමුවෙයි

by yasara
October 24, 2024 10:20 am 0 comment

බූස්ස බන්ධනගාරයේ පැරණි අංශයේ A වාට්ටුව තුල ජංගම දුරකථනක් සහ සිම්පතක්ද බන්ධනාගාර නියාමක විවේකගාරයේ ජනේලයක් මත තිබී ජංගම දුරකථන බැටරියක් හා බන්ධනාගාර ජේලර් විවේකාගාරය සිවිලිම උඩ තිබී පිටත ආවරණය ඉවත් කරන ලද චාජර් කොටසක්  බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර තිබෙයි.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත.

බන්ධනාගාරයේ පැරණි අංශයේ A වාට්ටුව තුල සහ විශේෂ අංශයේ පිහිටා ඇති බන්ධනාගාර රෝහල, බන්ධනාගාර නියාමක විවේකගාරය, බන්ධනාගාර ජේලර් විවේකාගාරය, පාටි රැඳවියන් රඳවා සිටින ස්ථාන හදිසි සෝදීසි කිරීමක්  සිදුකරන අවස්ථාවේදීයි මෙම උපකරණ හමුවී තිබෙයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT