Home » ඊගල්ස් කැටලිනා ගෝල්ෆ් තරගාවලියේ දෙවන අදියර සාර්ථකව අවසන් වෙයි

ඊගල්ස් කැටලිනා ගෝල්ෆ් තරගාවලියේ දෙවන අදියර සාර්ථකව අවසන් වෙයි

by yasara
October 24, 2024 10:05 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් සංවිධාන කරනු ලැබූ ඊගල්ස් කැටලිනා කුසලාන ගෝල්ෆ් තරඟාවලියේ දෙවන අදියරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන ප්‍රධානෝත්සවය හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් කොග්ගල ඊගල්ස් කැටලිනා ගොල්ෆ් පිටියේදී සිදුකරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම ගොල්ෆ් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු පමන සහභාගී වු අතර ඔක්තෝම්බර් මස ඊගල්ස් කැටලිනා මාසික පදක්කම් ගෝල්ෆ් තරඟාවලියේ පිරිමි Net Score අංශයේ ජය (විශ්‍රාමික) විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන සහ කාන්තා අංශයේ ජය දිලිනි හෙන්නායක විසින් හිමිකරගත් අතර පිරිමි Net Score අංශයේ අනුශූරතාවය ෂර්ලි කොරයා විසින්ද කාන්තා අංශයේ අනුශූරතාවය ෆ්‍රෑන්ක් ද මෙල් විසින් ද දිනා ගන්නා ලදි.

ඊගල්ස් කැටලිනා මාසික පදක්කම් ගෝල්ෆ් තරඟාවලියේ Longest Drive පිරිමි අංශයේ ජය විංග් කමාන්ඩර් කුමාර ගුරුගේ සහ කාන්තා අංශයේ ජය රොෂාන් ශ්‍රියන්ති පීරිස් විසින් හිමිකර ගත් අතර මෙම තරඟාවලියේ Gross Score පිරිමි සහ කාන්තා අංශයේ ශුරතාවය (විශ්‍රාමික) විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන සහ දිලිනි හෙන්නායක දිනා ගත් අතර Gross Score පිරිමි අංශයේ අනුශූරතාව ගයාෂාන් විජේසිංහ විසින්ද කාන්තා අංශයේ අනුශූරතාව ෆ්‍රෑන්ක් ද මෙල් විසින් දිනා ගත් අතර nearest to the pin පිරිමි අංශයේ ජය මර්වින් ප්‍රීනා මහතා විසින් දිනා ගන්නා ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT