Home » පාසල් සිසුන් ඉලක්ක කර මත් පෙති විකුණු අයෙක් අත්අඩංගුවට

පාසල් සිසුන් ඉලක්ක කර මත් පෙති විකුණු අයෙක් අත්අඩංගුවට

by yasara
October 24, 2024 9:42 am 0 comment

යාපනයේ මනිපායී ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්පෙති අලෙවි කරමින් සිටියදී ඊයේ ( 23)  පොලීසිය විසින් අත්අඩංගුවට  ගෙන තිබේ.

මනිපායී පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔහුව අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ළග ඒ අවස්ථාවේදී මත්පෙති 1468 ක් තිබී පොලීසියට හමු වී තිබේ.

පුත්තලම ප්‍රදේශයෙන් එක් මත් පෙත්තක් රුපියල් 65  බැගින් තොග වශයෙන් මිලට ගෙන ඇති මෙම ව්‍යාපාරිකයා  යාපනයේ පාසල් සිසුන්ට එක් පෙත්තක් රුපියල් 150 බැගින් අලෙවි කළ බවට පොලීසියට තොරතුරු හෙළි වී තිබේ.

මනිපායී පොලීසිය එම සැකකරුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT