Home » EDEX සිත්තම් සඳහා නිර්මාණ භාර ගැනේ

EDEX සිත්තම් සඳහා නිර්මාණ භාර ගැනේ

by Gayan Abeykoon
October 24, 2024 1:03 am 0 comment

කොළඹ රාජ­කීය විද්‍යා­ල­යීය සංග­මය විසින් සිය ආය­ත­නික සමාජ වග­කීම් ව්‍යාපෘ­ති­යක් (CSR) වශ­යෙන් වාර්ෂි­කව සංවි­ධා­නය කරනු ලබන අධ්‍යා­ප­නික හා රැකියා ප්‍රද­ර්ශ­න­යට (EDEX) සම­ගා­මිව පව­ත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තර­ග­යට නිර්මාණ භාර ගැනීම ඇරඹී තිබේ.

මෙහිදී රජයේ හෝ පෞද්ග­ලික පාසල්හි මෙන්ම අධ්‍යා­ප­නික ආය­ත­න­වල ඉගෙ­නුම ලබන සිසු­වන්ට සිය නිර්මාණ ඉදි­රි­පත් කර තම කලා කුස­ලතා දක්වා ඒ සඳහා ඇග­යී­මක් ලබා ගැනී­මට අව­කාශ විවර වී පවතී. මෙහිදී 1-3 ශ්‍රේණි සඳහා ප්‍රාථ­මික කාණ්ඩ­යෙන්ද, 4-6 ශ්‍රේණි සඳහා කනිෂ්ඨ කාණ්ඩ­යෙන්ද, 7-9 ශ්‍රේණි සඳහා මධ්‍යම කාණ්ඩ­යෙන්ද, 10-13ශ්‍රේණි සඳහා ජ්‍යෙෂ්ඨ කාණ්ඩ­යෙන්ද නිර්මාණ ඉදි­රි­පත් කළ හැකි අතර, නිර්මාණ A3 (420mm-297mm) ප්‍රමා­ණ­යට ඕනෑම මාධ්‍ය­යක් භාවිත කර වර්ණ ගන්වා 2025 ජන­වාරි 4 දිනට ප්‍රථම පහත සඳ­හන් ලිපි­න­යට තැපැල් මඟින් හෝ ගෙනැ­විත් භාර දිය හැකිය.

විශේෂ හැකියා ඇති දරු­ව­න්ටද මේ තර­ගය විවෘත වී ඇති අතර, එහිදී 1-6 ශ්‍රේණි සඳහා කනිෂ්ඨ විශේෂ කාණ්ඩ­යෙන්ද, 7-13 ශ්‍රේණි සඳහා ජ්‍යෙෂ්ඨ විශේෂ කාණ්ඩ­යෙන්ද නිර්මාණ ඉදි­රි­පත් කළ හැකිය. සියලු තර­ග­ක­රු­වන් තම නිර්මා­ණය පිටු­පස සම්පූර්ණ නම, උපන් දිනය සහ වයස, පෞද්ග­ලික ලිපි­නය, දුර­ක­තන අංතය, තරග කාණ්ඩය, පාසල/ අධ්‍යා­ප­නික ආය­ත­නය, ශ්‍රේණිය සහ විදු­හ­ල්පති/ ආය­තන ප්‍රධානි අත්සන හා නිල මුද්‍රාව සට­හන් කර තිබිය යුතුය.

EDEX සිතු­වම් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතා­වට AI ආධා­රක චිත්‍ර තර­ග­යක්ද ඇතු­ළත් කර ඇති අතර, මාතෘ­කාව – තිර­සා­ර­ත්වය සඳහා පාරි­ස­රික ආර­ක්ෂ­ණය වේ. වැඩි විස්තර EDEX නිල facebook පිටු­වෙන් සප­යා­ගත හැකිය. ඇම­තුම් චාන්දනී 0771147453, 0115521497.

නිර්මාණ එවිය යුතු ලිපි­නය: EDEX ලේකම් කාර්යා­ලය, රාජ­කීය විද්‍යාල සංග­මය, රාජ­කීය මාවත, කොළඹ 7. ඇම­තුම් +94115521497, ෆැක්ස් +942683100, e-mail: info@edex.lk,
web: www.edex.lk

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT