Tuesday, April 22, 2025
Home » ජේ. ශ්‍රී රංගාගේ අපේ­ක්ෂිත ඇප අයැ­දුම විසි­ක­රයි

ජේ. ශ්‍රී රංගාගේ අපේ­ක්ෂිත ඇප අයැ­දුම විසි­ක­රයි

by Gayan Abeykoon
October 24, 2024 1:02 am 0 comment

කල්පනි අබේ­සිංහ

මන්නා­රම් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාට අප­හාස වන අයු­රින් පෝස්ටර් දැන්වීම් ඇලවූ බව කියන සිද්ධි­යට අදාළ මහ­මො­ළ­කරු යැයි කියන හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා අත්අ­ඩං­ගු­වට නොගන්නා ලෙසට ඉදි­රි­පත් කරනු ලැබූ අපේ­ක්ෂිත ඇප අයැ­දු­ම්පත කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (23) ප්‍රති­ක්ෂේප කළේය.

සිද්ධි­යට අදා­ළව පෙර නඩු දින­යක දී පෙත්ස­ම්කරු විසින් ඉදි­රි­පත් කරනු ලැබූ අපේ­ක්ෂිත ඇප ලේඛ­නයේ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය ලබා දෙන ලදී.

මෙම සිද්ධි­යට අදා­ළව විම­ර්ශන කට­යුතු සඳහා කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට පැමිණ ප්‍රකා­ශ­යක් ලබා­දෙන ලෙසට ජේ. ශ්‍රී රංගා මහ­තාට දැනුම් දී තිබු­ණත් ප්‍රකා­ශය ලබා­දීම මඟ­හැර තිබීම පිළි­බඳ කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට පැවසූ අව­ස්ථාවේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය ලබා දෙන ලදී.  හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා පදිංචි නි‍ෙව­සට කොළඹ අප­රාධ කොට්ඨාස විම­ර්ශ­නය කට­යුතු සඳහා ගිය අව­ස්ථාවේ එම නිවෙස හැර දමා ගොස් තිබූ නිසා අත්අ­ඩං­ගු­වට ගැනී­මට නොහැකි වූ බව කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.  කොළඹ අප­රාධ කොට්ඨා­සය වෙනු­වෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශක්ති ජාගොඩ ආරච්චි මහතා සඳ­හන් කරනු ලැබුවේ, කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් පැමිණ ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස මන්ත්‍රී ශ්‍රී රංගා මහ­තාට ඉකුත් 8 දින දැනු­ම්වත් කර තිබූ බවය.

එදින ප්‍රකාශ ලබා දීමට නොපැ­මිණි මන්ත්‍රී­තුමා දොළො­ස්වන දින පැමි­ණෙන ලෙසට පවසා දිනෙන් දින කොළඹ අප­රාධ කොට්ඨා­සය මඟ­හැර තිබූ බව නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. තමා 2024 මහ­මැ­ති­ව­ර­ණ­යට සම්බන්ධ වන බැවින් ප්‍රකා­ශ­යක් ලබා දීමට වෙලා­වක් නොමැති බව පවසා සංදේ­ශ­යක් එවා තිබූ බව ද නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැන්වීය.  මෙම සිද්ධි­යට අදාළ හත්වන සැක­කරු වන තිලංග දක්ෂිත සුම­ති­පාල සහ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා අතර සිදුවූ දුර­ක­තන සංවා­දයේ හඬ­පට විම­ර්ශ­නය කිරී­මෙන් පසුව මෙම සිද්ධි­යට ශ්‍රී රංගා සම්බන්ධ බව කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ශ්‍රී රංගා මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ කට­යුතු කිරීමේ දී හත්වන සැක­කරු වන සුම­ති­පාල හඳුනා ගත් බව ඇප අපේ­ක්ෂිත ලේඛ­නයේ සඳ­හන් කර තිබූ බව ද කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.  ඉකුත් අගෝස්තු මස 29 වන දින ශ්‍රී රංගා මහ­තාට මන්නා­රම අධි­ක­ර­ණ­යෙන් තීන්දු ලබා­දී­මට නඩු­වක් තිබිය දී මෙවැනි අප­හා­ස­යක් කර ඇති බව ද කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. එම නඩුව සඳහා ඉදි­රි­පත් වූ සාක්ෂි­ක­රු­වන්ට තර්ජ­නය කිරීම නිසා ඔහු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි බවත් එම සිද්ධි­යට අදා­ළව මෙලෙස අප­හාස කිරී­මක් සිදු­කර ඇති බවත් අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සිද්ධි­යට අදා­ළව සැක­ක­රු­වන් අට දෙනකු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි අතර එයින් පළමු සැක­ක­රු­වන් හතර දෙනා සඳහා රුපි­යල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරී­මට සහ එම සැක­ක­රු­වන්ගේ විදේශ ගමන් තහ­නම් කිරී­ම­ටද නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා අනෙක් සැක­ක­රු­වන් හතර දෙනා ලබන 4 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට පෙර නඩු දිනයේ දී නියෝග කළේය.

මේ වන­විට සිද්ධි­යට අදා­ළව මාතලේ පදිංචි රවිෂ්ක ගුණ­සේ­කර, ඇරැ­ව්වල පදිංචි ක්‍රිශාන් නාලක, මනෝජ් මධු­ශංක, සංජය බණ්ඩාර යන සැක­ක­රු­වන් ඇප මත මුදා හරින ලෙසට නියෝග කළේය.

පෙත්ස­ම්කරු විසින් අපේ­ක්ෂිත ඇප පිළි­බඳ ලිඛිත දේශ­න­යක් අධි­ක­ර­ණ­යට පෙර නඩු දින­යක දී ඉදි­රි­පත් කර තිබුණ අතර ඊයේ එම ලිඛිත දේශ­නය විවෘත අධි­ක­ර­ණය තුළ වාචි­කව ඉදි­රි­පත් කරන ලදී.

කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි එරංග ලක්මාල්, ජනක සඳ­රු­වන්, කොළඹ ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යකු වන තිලංග දක්ෂිත සුම­ති­පාල සහ ව්‍යාපා­රි­ක­යකු වන දසුන් තරංග බණ්ඩාර යන සැක­ක­රු­වන් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට පෙර නඩු දිනයේ දී මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කර තිබුණි.

තම සේවා­දා­ය­කයා මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් කිසිදු කාර­ණා­වක් නොදන්නා බැවින් ප්‍රකා­ශ­යක් ලබා දීමට අප­රාධ පරී­ක්ෂණ කොට්ඨා­ස­යට නොපැ­මිණි බවත්, එම අව­ස්ථාවේ දී අත්අ­ඩං­ගු­වට ගැනී­මක් සිදු­වු­ව­හොත් තමාගේ දේශ­පා­ල­න­යට කීර්ති­යට හානි­යක් සිදු­වන බව සහ ඉල්ලු­ම්කරු විසින් ඉල්ලන ලද අපේ­ක්ෂිත ඇපය සම්බ­න්ධ­යෙන් ලබා දෙන ඕනෑම නියෝ­ග­යක් පිළි­ගන්නා බවද ශ්‍රී රංගා මහතා වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ වෙහෙ­ර­ගොඩ මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ අනුව ප්‍රකා­ශය ලබා නොදීම, හත්වන සැක­කරු වන සුම­ති­පාල සමඟ පැවැති දුර­ක­තන සංවා­දය, මෙම සිද්ධිය පිළි­බඳ නොදන්නා බව ව්‍යාජ ලෙස පැව­සීම සහ විම­ර්ශන කට­යුතු සිදු කිරීමේ දී කොළඹ අප­රාධ කොට්ඨා­සය මඟ­හැ­රීම යන කරුණු මත හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලනු ලැබූ ඇප අපේ­ක්ෂිත ලේඛ­නය මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් ප්‍රති­ක්ෂේප කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT