Tuesday, April 22, 2025
Home » මධ්‍යම පළාත් පුස්ත­කාල සේවා මණ්ඩ­ලයේ සභා­පති ධුර­යෙන් ඉවතට

මධ්‍යම පළාත් පුස්ත­කාල සේවා මණ්ඩ­ලයේ සභා­පති ධුර­යෙන් ඉවතට

by Gayan Abeykoon
October 24, 2024 1:02 am 0 comment

අසේල කුරු­ළු­වංශ

මධ්‍යම පළාත් පුස්ත­කාල සේවා මණ්ඩ­ලයේ සභා­පති ධුර­යට පත්කළ ඒ.ජී. මුදි­යන්සේ මහතා එම ධුර­යෙන් ඉවත් කර ඇත.  අදාළ ධුරයේ කට­යුතු කර­මින් සිටිය දී ඒ මහතා ජාතික ජන බල­වේ­ගය යටතේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් මහ­මැ­ති­ව­ර­ණ­යට තරග කරන බවට ට්‍රා‍න්ස්පෙරන්සි ආය­ත­නය මැති­ව­රණ කොමි­සම වෙත කළ පැමි­ණි­ල්ලක් සැල­කි­ල්ලට ගනි­මින් මධ්‍යම පළාත් ආණ්ඩු­කාර එස්.බී.එස්. අබේ­කෝන් මහතා විසින් මෙම ඉවත් කිරීම සිදු­ක­රනු ලැබ තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා විසින් පසු­ගිය 20 වැනි දින අදාළ පත්වීම් සිදු­කර තිබෙන අතර එම අව­ස්ථාව වන­විට මුදි­යන්සේ මහතා අපේ­ක්ෂ­ක­යකු ලෙස මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන බව ආණ්ඩු­කාර කාර්යා­ලය දැනු­ම්වත්ව සිට නොමැත.

පසු­ගිය ජන­ප­ති­ව­ර­ණයේ දී පොදු දේපොළ අව­භා­විත කිරී­මට අදා­ළව ට්‍රාන්ස්පෙ­රන්සි ආය­ත­නය වෙත පැමි­ණිලි 1126ක් ලැබුණු බවත් මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට අදා­ළව මේ වන­විට එවැනි පැමි­ණිලි 70කට ආසන්න සංඛ්‍යා­වක් ලැබී තිබෙන බවත් ට්‍රා‍න්ස්පෙරන්සි ආය­ත­නයේ රාජ්‍ය දේපොළ අව­භා­වි­තය වැළැ­ක්විමේ වැඩ­ස­ට­හනේ ජාතික සම්බ­න්ධී­කා­රක නීතිඥ තුෂාණි කන්දි­ල්පාන මහ­ත්මිය පැව­සු­වාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT