කොළඹ මියුසියස් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ආයතනික අධීක්ෂණ සහකාර, ආචාර්ය කිෂානි උඩුගම්පොල රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන, සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉසංකා දැදිගම මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියාය.
මෙහිදී 2023-2024 වසරේ විශිෂ්ටතම ශිෂ්‍යාවට හිමි සම්මානය මිලානි සේනාමන්තිල ශිෂ්‍යාව හිමි කරගත් අතර, ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් ඇය සිය සම්මානය හිමි කරගත් අයුරු මෙහි දැක්වේ. මියුසියස් විද්‍යාලයේ සභාපති අජිත ද සොයිසා සහ විදුහල්පතිනි සජීවනී බණ්ඩාර මහත්ම මහත්මීහුද මෙහි සිටිති.