Wednesday, April 23, 2025
Home » මියු­සි­යස් විදු­හලේ වසරේ විශි­ෂ්ට­තම ශිෂ්‍යාව මිලානි සේනා­ම­න්තිල

මියු­සි­යස් විදු­හලේ වසරේ විශි­ෂ්ට­තම ශිෂ්‍යාව මිලානි සේනා­ම­න්තිල

by Gayan Abeykoon
October 24, 2024 1:02 am 0 comment

කොළඹ මියු­සි­යස් විද්‍යා­ලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­වය විද්‍යා­ලයේ ආදි ශිෂ්‍යා­වක වූ අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ නිව්යෝක් ෆෙඩ­රල් රිසර්ව් බැංකුවේ ආය­ත­නික අධී­ක්ෂණ සහ­කාර, ආචාර්ය කිෂානි උඩු­ග­ම්පොල රත්නා­යක මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා පැවැ­ත්විණි. විද්‍යා­ලයේ ආදි ශිෂ්‍යා­වක වන, සීමා­ස­හිත ලංකා විදුලි පෞද්ග­ලික සමා­ගමේ අධ්‍ය­ක්ෂිකා සහ ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි­නේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ඉසංකා දැදි­ගම මහ­ත්මි­යද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යාය.

මෙහිදී 2023-2024 වසරේ විශි­ෂ්ට­තම ශිෂ්‍යා­වට හිමි සම්මා­නය මිලානි සේනා­ම­න්තිල ශිෂ්‍යාව හිමි කර­ගත් අතර, ප්‍රධාන ආරා­ධිත අමු­ත්තන් අතින් ඇය සිය සම්මා­නය හිමි කර­ගත් අයුරු මෙහි දැක්වේ. මියු­සි­යස් විද්‍යා­ලයේ සභා­පති අජිත ද සොයිසා සහ විදු­හ­ල්ප­තිනි සජී­වනී බණ්ඩාර මහත්ම මහ­ත්මී­හුද මෙහි සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT