Home » පොලි­ස්පති අභි­යෝ­ගතා ජාතික ශිෂ්‍ය­භට කඳ­වුරේ සාමාප්ති උත්ස­වය අද

පොලි­ස්පති අභි­යෝ­ගතා ජාතික ශිෂ්‍ය­භට කඳ­වුරේ සාමාප්ති උත්ස­වය අද

by Gayan Abeykoon
October 24, 2024 1:03 am 0 comment

පාසල් 60ක ශිෂ්‍ය භට­යන් හා භට­වි­යන් 1,500කගේ සහ­භා­ගි­ත්ව­යෙන් කළු­තර පොලිස් අභ්‍යාස විද්‍යා­ල­යේදී පසු­ගිය 17 දා ආරම්භ කරන ලද පොලි­ස්පති අභි­යෝ­ගතා ජාතික ශිෂ්‍ය භට කඳ­වුරේ විසිර යෑමේ සාමාප්ති උත්ස­වය වැඩ බලන පොලි­ස්ප­ති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (24) පැවැත්වේ.

ශ්‍රී ලංකා පොලිස් සේවය සමාජ සුර­ක්ෂි­ත­භා­වය උදෙසා බොහෝ සමා­ජීය අව­ශ්‍යතා සපු­රන ලද ශ්‍රී ලංකාවේ පැර­ණිම රාජ්‍ය ආය­තන අතු­රින් ප්‍රමු­ඛ­තම ආය­ත­න­යකි. මේ රාජ්‍ය ආය­ත­නයේ පර­මා­ර්ථය වන්නේ අප­රාධ වැළැ­ක්වීම හා සාම­කාමි පරි­ස­ර­යක් නිර්මා­ණය කිරී­මය. ඒ අර­මුණ සාක්ෂාත් කර­ගැ­නීම පිණිස කලින් කලට විවිධ ක්‍රියා­දාම මඟින් මහ­ජ­න­තාව වින­ය­ග­රුක පුර­වැ­සි­යන් බවට පත් කිරී­මට උත්සාහ දරා ඇති අතර, එවැනි එක් ක්‍රියා­දා­ම­යක් ලෙස දේශයේ ජීව­නා­ලිය වන් දරු පර­පුර වින­ය­ග­රුක හා රටේ නීති සම්බන්ධ දැනුම සහිත පුර­වැ­සි­යන් ලෙස හැඩ­ගැ­ස්වී­මට ආරම්භ කරන ලද පොලිස් ශිෂ්‍ය භට ව්‍යාපා­රය හඳුන්වා දිය හැකිය.

පොලි­ස්පති ස්ටැන්ලි සේනා­නා­යක මැති­තු­මාගේ සංක­ල්ප­යක් මත ශ්‍රී ලංකා පොලිස් ශිෂ්‍ය භට සේවය 1972 ජූලි 4 දින පොලිස් මූලා­ස්ථා­න­යේදී ආරම්භ කරන ලදි. එව­කට ගුරු වෘත්තියේ යෙදී සිටි ඩී.ජේ.ඩබ්. විජේ­සිංහ මහතා ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­යකු ලෙස පත් කොට පරි­පා­ලන කට­යුතු භාර දීමෙන් පසු පොලිස් ශිෂ්‍ය භට ව්‍යාපා­රය සඳහා පාසල් ගුරු­ව­රුන් උප­සේවා උප පොලිස් පරී­ක්ෂක සහ උප­සේවා පොලිස් පරී­ක්ෂක තන­තුරු සඳහා බඳ­වා­ගැ­නීම කොළඹ ආනන්ද, නුවර කිංස්වුඩ්, ගාල්ල මහින්ද, යාප­නය හින්දු, නිට්ට­ඹුව සංඝ­බෝධි, ගම්පොල සහිරා යන විදු­හල් මුල් කර­ග­නි­මින් සිදු කරන ලදි.

පොලිස් ශිෂ්‍ය භට ව්‍යාපා­රය ආරම්භ වීමෙන් පසු වරින් වර කඳ­වුරු රැසක් පවත්වා ඇති අතර, මේ සියල්ල පොලි­ස්පති කුස­ලා­නය වෙනු­වෙන් පවත්වා තිබේ. මේ අර­මුණු මුදු­න්පත් කර­ගැ­නී­මට සවි­මත්ව කට­යුතු කිරීම උදෙසා පොලිස් ශිෂ්‍ය භට ඒක­කය කොට්ඨා­ස­යක් වශ­යෙන් ස්ථාපිත කිරීම සුවි­ශේෂ කරු­ණකි.

සෑම වස­ර­කදී මෙන්ම මෙව­රද පොලි­ස්පති අභි­යෝ­ගතා ශිෂ්‍ය භට කඳ­වු­රට සහ­භාගි වූ බාලක බාලි­කා­වන් සඳහා පොළ­පාළි පරී­ක්ෂණ ගණ සරඹ මෙන්ම නාට්‍ය හා කුස­ලතා පරී­ක්ෂණ සහ ඉදි­රි­පත් කිරීමේ පරී­ක්ෂ­ණද මෙන්ම ආත්ම විශ්වා­සය වර්ධ­නය පරී­ක්ෂ­ණද පැවැ­ත්විණි.

වින­ය­ග­රුක යහ­පත් මාන­සි­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකික තරුණ පර­පු­රක් නිර්මා­ණය කිරීම උදෙසා ශ්‍රී ලංකා පොලී­සිය ගන්නා උත්සා­හය සාර්ථක වේවායි අපි ප්‍රර්ථනා කර­න්නෙමු.

පොලිස් මාධ්‍ය කොට්ඨා­සය

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT