Home » විදේ­ශි­කයෝ 10ක් දිවි ඇති තෙක් හිරේ

විදේ­ශි­කයෝ 10ක් දිවි ඇති තෙක් හිරේ

by Gayan Abeykoon
October 24, 2024 1:23 am 0 comment

කොච්චි­කඩේ - ඩී. මිහි­ඳු­කුල

පාකි­ස්තා­නයේ සිට මුහුදු මාර්ග ඔස්සේ ට්‍රෝලර් යාත්‍රා­වක සඟ­වා­ගෙන හෙරො­යින් කිලෝ 111යි ග්‍රෑම් 82ක් මෙර­ටට රැගෙන එමින් සිටි­යදී දකුණු මුහුදු තීර­යේදී හෙරො­යින් තොගය ද සමඟ අත්අ­ඩං­ගු­වට ගත් 17 දෙනකු අත­රින් වරද පිළි­ගත් ඉරාන ජාති­ක­යන් 10 දෙන­කුට මීග­මුව මහා­ධි­ක­රණ විනි­සුරු පමිල රත්නා­යක මහතා විසින් ඊයේ (23) ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­වම් නියම කළේය.

මෙම විදේ­ශි­ක­යන් පිරිස ධීව­ර­යන් ලෙස වෙස්ව­ලා­ගෙන ට්‍රෝලර් යාත්‍රා­වක් මඟින් ගාලු මුහුද තීරයේ හික්ක­ඩුව දක්වා මෙම හෙරො­යින් ද රැගෙන ගමන් කර­මින් සිටි­යදී 2016 වසරේ අප්‍රේල් 01 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රින් විසින් නාවික හමු­දාව හා එක්ව කළ මෙහෙ­යු­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

වරද පිළි­ගත් විදේ­ශි­ක­යන් 10 දෙනාට දඬු­වම් නියම කළ විනි­සු­රු­ව­රයා ඉතිරි හත්දෙනා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කරන ලදි.

මෙම හත්දෙනා අතර පාකි­ස්තාන ජාති­ක­යන් 2ක්,   සිංග­ප්පූරු ජාති­ක­යෙක්, ඉන්දියානු ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකිකයෝ තුන්දෙනෙක් සිටිති.

වර්ෂ 2016 සිට පැවති දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු මෙම නියෝ­ගය ලබා දෙන ලදි.

ඉරාන ජාති­ක­යන්ට මෙම නියෝ­ගය ප්‍රකාශ කිරීම සඳහා එම තානා­පති කාර්යා­ල­යෙන් භාෂා පරි­ව­ර්ත­ක­යන් ද අධි­ක­ර­ණ­යට පැමිණ අදාළ නියෝ­ගය කියවා තේරුම් කර දෙන ලදි.

මනේෂ් වෑවිට, කපිල වෛද්‍ය­රත්න, ප්‍රසාද් චතු­රංග, බුද්ධික ජය­කොඩි, යශස් සෝවිස් යන නීතිඥ මහ­ත්වරු සමඟ ජනා­ධි­පති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ඉරාන ජාති­කයෝ වෙනු­වෙන් පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT