109
රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘එච්’ වාට්ටුවට යොමු කර තිබේ.
ඊයේ පස්වරු 6.30ට පමණ බන්ධනාගාරයට රැගෙන ආ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, සිරකරුවන් මූලික ලියාපදිංචි කිරීමේ කටයුතුවලට යොමු කිරීමෙන් අනතුරුව මැගසින් බන්ධනාගාරයට යොමු කෙරිණි. බන්ධනාගාර වෛද්‍යවරයා විසින් ඔහුව පරීක්ෂා කර තිබූ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට නිර්දේශ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.