Home » විදේ­ශි­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වු­රුයි

විදේ­ශි­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වු­රුයි

වැඩ­බ­ලන පොලි­ස්පති

by Gayan Abeykoon
October 24, 2024 1:24 am 0 comment

කොල්ලු­පි­ටිය ඊශ්‍රා­යල් පල්ලිය ළඟ විශේෂ ආර­ක්ෂා­වක් දමා තිබූ අයුරු. ඡායා­රූ­පය - රුක්මාල් ගමගේ

මැද­පෙ­ර­දිග යුද වාතා­ව­ර­ණ­යත් සමඟ ශ්‍රී ලංකා­ව­ටත් යම් තර්ජ­න­යන් ඇතිවේ යැයි සැක­යක් පැවති බැවින් බුද්ධි අංශ ඒ සම්බ­න්ධ­යෙන් ඉතා හොඳින් ආවේ­ක්ෂණ රාජ­කාරි කළ බැවින් යම් විදේ­ශීය ජාති­ක­යන් ඉලක්ක කර­ගෙන ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට ඇති සූදා­න­මක් ගැන බුද්ධි තොර­තුර ලැබුණේ පසු­ගි­යදා (07) බව වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පැව­සීය.

මේ වන විට ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් කිසිදු ප්‍රශ්න­යක් නැති බව ද වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා සඳ­හන් කළේය.

ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ පිහිටි ජන­ප්‍රිය සංචා­රක ස්ථාන ඉලක්ක කර ගනි­මින් ප්‍රහා­ර­යක් එල්ල වන බවට විශ්ව­ස­නීය තොර­තුරු සමඟ අන­තුරු ඇඟ­වීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය මඟින් ඊයේ (23) නිවේ­ද­න­යක් නිකුත් කිරී­මත් සමඟ වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා විසින් මෙම කරුණු දැක්වීම කරනු ලැබුවේ පොලො­න්න­රුව පොලිස් අධි­කාරි කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­ව­ක­දීය.

වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා එහිදී මෙසේ ද සඳ­හන් කළේය.

“මැද­පෙ­ර­දිග යුද වාතා­ව­ර­ණය ඇර­ඹී­මත් සම­ඟම ත්‍රස්ත­වාදී කට­යුතු විවිධ පාර්ශ්ව­ව­ලට ව්‍යාප්ත වෙලා තිබුණා. ශ්‍රී ලංකා­ව­ටත් යම් තර්ජ­න­යක් ඇතිවේ යැයි සැක­යක් ඇති­වුණු නිසා බුද්ධි අංශ ඒ සම්බ­න්ධ­යෙන් ඉතා හොඳින් ආවේ­ක්ෂණ රාජ­කාරි කළා. ඔක්තෝ­බර් 07 වන විට ඒ සම්බ­න්ධ­යෙන් අපට බුද්ධි තොර­තුරු ලැබුණා. විදේ­ශීය ජාති­ක­යන් ඉලක්ක කර­ගෙන ප්‍රහා­ර­යක් එල්ල කරන්න සූදා­නම් කියලා මීට සති 3කට පෙර පටන් ජනා­ධි­ප­ති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආර­ක්ෂක කවු­න්සි­ලයේ සාකච්ඡා කළා. ඒ සම්බ­න්ධ­යෙන් උප­දෙස් ලැබුණා. උප­දෙස් ප්‍රකා­රව එම විදේ­ශි­ක­යන්ගේ ආර­ක්ෂාව, එම ස්ථාන­වල ආර­ක්ෂාව, ආග­මික කට­යුතු කරන ස්ථාන­වල විශේෂ ආර­ක්ෂක සැල­සු­මක් යටතේ පොලි­සිය, එස්.ටී.එෆ්, බුද්ධි නිල­ධා­රීන් ආර­ක්ෂාව සැල­සුවා.”

“පෙරේදා (22) සිට විශේ­ෂිත වූ ආර­ක්ෂක සැලැ­ස්මක් දියත් කළා. ඊට හේතුව ඒ තොර­තුර නිශ්චි­තව ලැබීම. අද පෙර­ව­රු­වේත් ආර­ක්ෂක කවු­න්සි­ලය රැස් වුණා. ආර­ක්ෂක ප්‍රධා­නීන්, ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන් එහි­දීත් සාකච්ඡා කළා. එහි­දීත් ලැබුණු තොර­තුරු අනුව විදේ­ශි­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කර තිබෙ­නවා. මේ සම්බ­න්ධ­යෙන් තානා­පති කාර්යාල අපි දැනු­වත් කළා.”

“දේශීය වශ­යෙන් දේශීය පුද්ග­ල­යන් ඉලක්ක කර­ගෙන කිසිදු තර්ජ­න­යක් මේ වන විට නිරී­ක්ෂ­ණය වන්නේ නැහැ. නමුත් අපි මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා කිසි­යම් ත්‍රස්ත­වාදී තර්ජ­න­යක්, වෙන­ස්වී­මක්, තොර­තු­රක්, පුද්ග­ල­යෙක් සම්බ­න්ධ­යෙන්, ප්‍රහා­ර­යක් ගැන වාර්තා වුණොත් වහාම පොලි­සි­යට දැනුම් දෙන්න. ඒ වගේම 1997 කෙටි අංකය යටතේ ඕනෑම වෙලා­වක දැනු­ම්දී­මක් කරන්න පුළු­වන්. දැනට ප්‍රමා­ණ­වත් ආර­ක්ෂා­වක් යොදවා තිබෙ­නවා. වැට­ලීම්, සෝදිසි කිරීම් ක්‍රියා­ත්ම­කයි. නමුත් සැක­ක­ට­යුතු පුද්ග­ල­යකු හෝ දේපො­ළක් හමු වුණේ නැහැ. ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාවේ කිසිම ප්‍රශ්න­යක් නැහැ. විදේ­ශීය ජාති­ක­යන් සම්බ­න්ධ­යෙන් යම් ගැට­ලු­වක් තිබුණා. ඒක ලෝකයේ අනෙක් රට­ව­ල­ටත් පොදුයි. කෙසේ නමුත් අපි එසේ නොවෙන්න අවශ්‍ය කට­යුතු කර තිබෙ­නවා. ගුව­න්තො­ටු­පොළේ සහ එම පිවි­සුම් මාර්ග­වල විශේෂ ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් දැනට ක්‍රියා­ත්මක වෙනවා.”

අරු­ගම්බේ ප්‍රදේ­ශය ඇතුළු නැඟෙ­න­හිර පළාතේ විදේ­ශි­ක­යන් වැඩි­පුර ගැව­සෙන ප්‍රදේ­ශ­වල ආර­ක්ෂාව කල් ඇති­වම තහ­වුරු කිරී­මට කට­යුතු කළ බව නැඟෙ­න­හිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳ­හන් කළේය.

වැඩි වශ­යෙන් විදේ­ශි­ක­යන් අරු­ගම්බේ වෙත පැමි­ණෙන්නේ සර්ෆින් ක්‍රීඩා­වට බව ද අජිත් රෝහණ මහතා පැව­සීය. ඒ අත­රින් වැඩිම සංචා­ර­ක­යන් පිරි­සක් ඊශ්‍රා­යල් ජාති­ක­යන් බව ද ඔහු පැව­සීය.

“මුහුදු රළ ක්‍රීඩා­වට උචිත කාල­යට තමයි විදේ­ශි­කයෝ අරු­ගම්බේ එන්නේ. පහු­ගිය සති දෙක තුන තුළ විදේ­ශි­ක­යන් හත් අට­සී­යක්ම අරු­ගම්බේ රැඳී සිටියා. දැන් මුහුදු රළ ක්‍රීඩා­වට උචිත ආකා­ර­යට නැහැ. දැන් අරු­ගම්බේ රැඳී සිටින්නේ සංචා­ර­ක­යන් සුළු පිරි­සක් පම­ණයි. පොලි­සිය, පොලිස් විශේෂ කාර්ය බළ­කාය, යුද හමු­දාව මෙන්ම නාවික හමු­දාව ද මේ ප්‍රදේ­ශයේ ආර­ක්ෂාව තහ­වුරු කිරීමේ කට­යු­තු­වල නිර­තව සිටි­නවා. දැන් අපි තවත් ඒ ආර­ක්ෂාව වැඩි කර­ලයි තියෙන්නේ.” යැයි අජිත් රෝහණ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මේ අතර දකුණු පළාතේ ද වෙර­ළට ආසන්න සංචා­ර­ක­යන් වැඩි­පුර ගැව­සෙන ප්‍රදේශ හා හෝටල් ආශ්‍රි­තව ද ආර­ක්ෂාව තර කිරී­මට ඊයේ උදෑ­සන සිට පොලි­සිය පිය­වර ගත්තේය.

පොලි­සිය, පොලිස් විශේෂ කාර්ය බළ­කාය, යුද හා නාවික හමු­දාව ආර­ක්ෂාව තහ­වුරු කර ඇති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මහේෂ් සේනා­රත්න මහතා පැව­සීය.

ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් මෙතෙක් ගැට­ලු­වක් පැන­නැඟී නැති බවත් සර්ෆින් සඳහා මේ කාලයේ දකුණු පළාතේ මුහුදු තීර­යට ඇදී එන සංචා­ර­ක­යන් වැඩි බැවින් මෙම පළාතේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් වඩාත් අව­ධා­නය යොමු කර ඇති බව ද මහේෂ් සේනා­රත්න මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

“අරු­ගම්බේ ප්‍රදේ­ශයේ තියෙ­නවා ඊශ්‍රා­යල ජාති­ක­යන් විසින් ස්ථාපිත කරන ලද ගොඩ­නැ­ඟි­ල්ලක්. යම්කිසි ශාලා­වක් වැනි ගොඩ­නැ­ඟි­ල්ලක්. බොහෝ විට ඊශ්‍රා­යල ජාති­ක­යන්ට මෙම අරු­ගම්බේ ප්‍රදේ­ශය ඔවුන්ගේ ආක­ර්ෂ­ණීය ප්‍රදේ­ශ­යක්. ඔවුන් මේ ප්‍රදේ­ශ­යට අති­ශ­යින්ම ප්‍රිය වෙන්නේ පොතු­විල් හා අරු­ගම්බේ ප්‍රදේ­ශයේ ප්‍රකට සර්ෆින් ක්‍රීඩා­වත් එක්ක. ඒ නිසා තමන්ට වෙන්වූ ස්ථාන­යක් ඔවුන් හදා­ගෙන තියෙ­නවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා  සඳ­හන් කළේය.

“පසු­ගිය දින­වල යම් යම් තොර­තුරු ලැබිලා තිබුණා. ඒ ඊශ්‍රා­යල ජාති­ක­යන්ට යම් ආකා­ර­යක අන­තු­රක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේ­ශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ඊට අවශ්‍ය මූලික පිය­වර ගෙන තිබුණා. පසු­ගිය දින කිහි­පය තුළම මාර්ග බාධක යොදලා ප්‍රදේ­ශය ආරක්ෂා කිරීම සිදු කළා. වාහන, පුද්ග­ල­යන් විටින් විට පරීක්ෂා කිරීම් කළා. එය පසු­ගිය කාල­සී­මාව තුළ ක්‍රියා­ත්ම­ක­වෙච්ච තත්ත්ව­යක්. අද දිනය වන විටත් ඒ ප්‍රදේ­ශයේ විශේෂ ආර­ක්ෂා­වක් යොදලා තියෙ­නවා. විශේ­ෂ­යෙන්ම ශ්‍රී ලංකා පොලි­සිය, විශේෂ කාර්ය බළ­කාය, නාවික හමු­දාව, යුද හමු­දාව, විශේ­ෂ­යෙන් බුද්ධි අංශ නිල­ධා­රීන් යොද­වලා ඒ ප්‍රදේ­ශයේ අවශ්‍ය ආර­ක්ෂාව සම්පූ­ර්ණ­යෙන්ම සල­සලා තියෙන්නේ. අපට යම් තොර­තු­රක් ලැබෙ­නවා නම් අපි ක්ෂණි­කව ක්‍රියා­මාර්ග ගන්නවා. මේ වන විටත් ඒ ප්‍රදේ­ශ­යට අවශ්‍ය පිය­වර අර­ගෙ­නයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි පොලිස් ස්ථාන­ව­ලට මේ උප­දෙස් ලබා­දෙ­න්නෙත් සංචා­ර­ක­යන් කුමන රට­කට ජාති­ය­කට අයත් වුණත් ඔවුන්ගේ ආර­ක්ෂාව සැප­යීම අපේ වග­කී­මක් වන නිසා ඒ පොලිස් ස්ථාන­ව­ලට අවශ්‍ය සම්බ­න්ධී­ක­ර­ණය සහ අවශ්‍ය උප­දෙස් දීම සිදු කරන්නේ” යැයිද නිහාල් තල්දූව මහතා පැව­සීය.

ගයාන් කුමාර වීර­සිංහ, රන්මලී සෝම­සිරි, ඇළ­හැර – සරත් වෙල­ගෙ­දර, දකුණු පළාත් සංචා­රක – එස්. දීය­ග­හගේ,
වැලි­ගම – අබේ­වි­ක්‍රම ගුණ­රත්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT