Home » රවී සහ ශානි ගම්ම­න්පි­ලගේ චෝද­නාවේ ඇත්ත කතාව – 01

රවී සහ ශානි ගම්ම­න්පි­ලගේ චෝද­නාවේ ඇත්ත කතාව – 01

by Gayan Abeykoon
October 24, 2024 1:30 am 0 comment

පාස්කු ඉරිදා දින  එල්ල කෙරුණු ම්ලේච්ඡ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් අලුත් අනා­ව­ර­ණ­යක් යැයි කිය­මින් උදය ගම්ම­න්පිල හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා පසු­ගි­යදා මාධ්‍ය සාක­ච්ඡා­වක් පැවැ­ත්වීය. රනිල් වික්‍ර­ම­සිංහ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා විසින් පත් කරන ලද කමි­ටු­වක කරුණු පාදක කර ගනි­මින් ඔහු සඳ­හන් කළේ වර්ත­මාන මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා එම ප්‍රහා­ර­යට වග­කිව යුතු බවත්, ඔහු වහාම අදාළ තන­තු­රින් ඉවත් කළ යුතු බවත්ය. මෙම ලිපි පෙළ මඟින් ඊට අදාළ කරුණු කිහි­ප­යක් සාක්ෂි සහි­තව හෙළි­ද­රවු කිරී­මට අපි බලා­පො­රොත්තු වෙමු. මේ එහි පළමු කොට­සයි.

 

රවී

දුක්ගන්නා වලව්වේ රවීන්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න (රවී සෙනෙවිරත්න) උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු ලෙස පොලිස් සේව­යට එක්ව ඉන් පසු පොලිස් විශේෂ කාර්ය බළ­කා­යට අනු­යු­ක්තව පොලිස් පරී­ක්ෂක, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සහ සහ­කාර පොලිස් අධි­කාරි දක්වා උස­ස්වීම් ලැබ පසුව යළි ශ්‍රී ලංකා පොලි­සි­යට පැමි­ණි­යේය. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ දීර්ඝ කාල­යක් කට­යුතු කළ අතර බස්නා­හිර පළාත් බුද්ධි කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ලෙස ද සේවය කර තිබේ. ඔහු නියෝජ්‍ය පොලි­ස්පති තන­තු­රට උස­ස්වීම් ලැබූ පසු මඩ­ක­ල­පුව දිසා භාර නියෝජ්‍ය පොලි­ස්පති ලෙස කට­යුතු කළ අතර පසුව 2012 වසරේ දී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර නියෝජ්‍ය පොලි­ස්පති ලෙස ස්ථාන මාරු ලැබීය. 2015 දී ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු ලෙස උස­ස්වීම් ලැබූ අතර 2019 දෙසැ­ම්බර් 31 වැනිදා ඔහු විශ්‍රාම ලැබීය. ඔහු කෙටි කාල­යක් පොලිස් මූල්‍ය අප­රාධ කොට්ඨා­සය භාර­වත්, ත්‍රස්ත මර්දන කොට්ඨා­සය භාර­වත් කට­යුතු කළේය.

විශ්‍රාම ගැනී­මෙන් පසු ඔහු දිගින් දිග­ටම ශානි අබේ­සේ­කර වෙනු­වෙන් පෙනී සිටි අතර ඒ හේතුව නිසා තමාට බල­පෑම් පැමිණි බව රවී සෙනෙවිරත්න මහතා මීට පෙර කළ සම්මූඛ සාක­ච්ඡා­ව­කදී ප්‍රකාශ කළේය.

රවී සෙනෙවිරත්න මහතා බීමත්ව රිය පද­ව­මින් අන­තු­රක් කළේ යැයි කිය­මින් 2023 ඔක්තෝ­බර් 29 වැනිදා වැල්ල­වත්ත පොලි­සි­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් භාර­යට පත් කර­වී­මට කට­යුතු කළ අතර ඔහු ඒ සම්බ­න්ධ­යෙන් පොලිස් මූල­ස්ථා­න­යට පැමි­ණිලි කළේය. එව­කට පොලි­ස්පති චන්දන වික්‍ර­ම­රත්න මහතා STAFF/03/IGP/OUT/05/9120/2023 අංක­යෙන් එම පැමි­ණිල්ල විම­ර්ශ­නය කිරී­මට සඳහා පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කය වෙත යොමු කළේය. පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කය ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් පවත්වා එහි අව­සන් වාර්තාව 2024 ජූනි මස 18 වැනිදා D/SIU/OUT/4086/2024 අංක­යෙන් එව­කට පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්ට භාර දුන්නේය.

මෙම විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත්තේ මෙය ඇප දිය හැකි වර­දක් බැවින් ඔහුට පොලිස් ඇප ලබා දෙන ලෙස පොලි­ස්පති චන්දන වික්‍ර­ම­රත්න මහතා පොලිස් නීති කොට්ඨායේ උප­දෙස් මත පොලිස් ස්ථානා­ධි­ප­තිගේ සිට ඉහළ නිල­ධා­රීන්ට උප­දෙස් දී ඇතත් එම උප­දෙස ක්‍රියා­ත්මක කර නැති බවයි. පොලි­ස්ප­ති­ව­රයා තමා දුන් උප­දෙස සම්බ­න්ධ­යෙන් සට­හන් තබා තිබේ. පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කය දේශ­බන්දු තෙන්න­කෝන් වෙත ලබා­දුන් වාර්තාවේ දෙවැනි පිටුවේ සඳ­හන් වන්නේ රිය අන­තුර සම්බ­න්ධ­යෙන් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙවිරත්න මහතා අසා­ධා­රණ ලෙස අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර­වී­මට වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුභාෂ් මංජුල කහ­ඳ­වල සහ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක වීර­කොණ්ඩ ආර­ච්චිගේ තරිඳු මදු­ශංක කට­යුතු කර ඇති බව සාක්ෂි­ක­රු­වන් 08 දෙන­කුගේ සාක්කි සහ ලේඛන සාක්ෂි 02ක් ඇසු­රෙන් තහ­වුරු වන බවයි. එසේම එම නිල­ධා­රීන් දෙදෙ­නාට ලබා­දීම සඳහා අව­වාද පත්‍ර සකස් කර කෙටු­ම්පත් කර ඒවාද දේශ­බන්දු තෙන්න­කෝන් වෙත භාර දී තිබේ.

මේ කාලය අත­ර­තුර ඔහුට සමගි ජන බල­වේ­ග­යට සහ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ දේශ­පා­ලන බල­වේ­ගට සහ­යෝ­ගය ලබා දෙන ලෙස දෙපා­ර්ශ්ව­යෙන්ම ඉල්ලීම් ලැබී තිබුණි. එම ඉල්ලීම් ප්‍රති­ක්ෂේප කර­මින් ඔහු ජාතික ජන බල­වේ­ග­යට සහ­යෝ­ගය දැක්වී­මට තීර­ණය කළ බව පසුව ඔහු ප්‍රකාශ කළේය. නමුත් ඔහු මීට පෙර සම්මුඛ සාක­ච්ඡා­ව­කදී සඳ­හන් කළේ තමන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සිටි­යදී සංවේදී විම­ර්ශන ගණ­නා­වක් අධී­ක්ෂ­ණය කළ ද 2019 ආණ්ඩු මාරු­වෙන් පසු එම විම­ර්ශන අඩ­පණ වූ බවයි. දේශ­පා­ල­නික අප­රා­ධ­ව­ලට නීතිය ක්‍රියා­ත්මන නොක­රන තාක්කල් නීතියේ අධි­පත්‍ය ස්ථාපිත කළ නොහැකි බවත්, යහ­පා­ලන ආණ්ඩු­වට සහ රාජ­පක්ෂ ආණ්ඩු­වට එම විම­ර්ශන ඉදි­රි­යට ගෙන යෑමට වුව­ම­නා­වක් නොතිබූ බවත්, නීතියේ අධි­පත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙතෙක් බල­යට පත්වී නැති ජාතික ජන බල­වේ­ග­යට හැකි­යාව ඇතැයි විශ්වාස කරන නිසා ඊට සහ­යෝ­ගය දෙන බවත්ය. ඔවුන් ද නීතියේ ආධි­පත්‍ය ස්ථාපිත නොක­රන්නේ නම් ඔවු­න්ගෙන් ඉවත් වන බව ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර රවී සෙනෙවිරත්න එක්තරා සාක­ච්ජා­ව­කදී ප්‍රකාශ කළේය.

 

ශානි

ඥානේන්ද්‍ර ශානි අබේ­සේ­කර මහතා උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු ලෙස පොලිස් සේව­යට එක්වී ඇති අතර ඔහු ද පසුව පොලිස් විශේෂ කාර්ය බළ­කා­යට අනු­යුක්ත වී වසර 10ක කාල­යක් සේවය කර තිබේ. ඉන් පසු පොලිස් විශේෂ කාර්ය බළ­කා­යෙන් ඉවත්වී නාරා­හේ­න්පිට පොලිස් ස්ථානයේ අප­රාධ අංශ­යට අනු­යුක්ත වී ඇති ඒ මහතා 1996 වසරේ දී ග්‍රෑන්ඩ්පාස් පොලි­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස ස්ථාන මාරු ලැබ ඇත. කොටුව පොලිස් බල­ප්‍ර­දේ­ශ­යේදී සහ­කාර පොලිස් අධි­කාරි ශාන්ති කුමාර බෝම්බ ගසා ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් වන පරී­ක්ෂ­ණය සඳහා ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට අනු­යුක්ත වී ඇති අතර එම විම­ර්ශ­න­යෙන් පසු කොළඹ දිසාවේ නොවි­ස­ඳුනු අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ලෙස ඔහු පත් කර තිබේ.

ඉන්ප­සුව පුණ්‍යා ද සිල්වා මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාරව කට­යුතු කරද්දී 1999 ජන­වාරි මාසයේ දී ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ස්ථිර­වම අනු­යුක්ත කර ඇති අතර එතැන් සිට 2007 වසර දක්වා ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ කට­යුතු කර තිබේ. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන ඒක­කයේ පළමු ස්ථානා­ධි­ප­ති­ව­රයා වී ඇත්තේ ඔහුය. 2007 වසරේ සිට 2009 වසර දක්වා යාප­නය සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා ලෙස සේවය කර ඇති ශානි අබේ­සේ­කර 2009 අප්‍රේල් පළ­මු­වැනි දා යළි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කැඳවා තිබේ. 2010 වසරේ දී මාස එක­හ­මා­රක කාල­යක් නුගේ­ගොඩ කොට්ඨා­සයේ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු ලෙස කට­යුතු කර යළි පැමිණි  ඔහු 2017 සැප්තැ­ම්බර් 08 වැනිදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස ජාතික පොලිස් කොමි­ෂන් සභාව විසින් පත් කරනු ලැබිණි.

ඉන් පසු 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් දින කිහි­ප­ය­කට පසු එනම් 2019 දෙසැ­ම්බර් 20 වැනිදා ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ තන­තු­රින් ඉවත් කර මහ­නු­වර නියෝජ්‍ය පොලි­ස්ප­තිගේ පුද්ග­ලික සහ­කාර ලෙස ස්ථාන මාරු කරන ලෙස ඉල්ල­මින් එව­කට වැඩ­බ­ලන පොලි­ස්පති චන්දන වික්‍ර­ම­රත්න මහතා යොමු කළ ලිපි­යක් අනුව ඔහු කිසිම හේතු­වක් නැතිව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ තන­තු­රින් ඉවත් කිරී­මට පොලිස් කොමි­සම තීන්දු කළේය. කෙසේ වෙතත් පොලි­ස්ප­තිගේ ඉල්ලීම මත මහ­නු­වර නියෝජ්‍ය පොලි­ස්ප­තිගේ පුද්ග­ලික සහ­කාර ලෙස යව­නවා වෙනු­වට පොලිස් කොමි­සම ඔහු ගාල්ල නියෝජ්‍ය පොලි­ස්ප­තිගේ පුද්ග­ලික සහ­කාර ලෙස ස්ථාන­මාරු කළේය.

 (තොර­තුරු පනත අනුව ලබා ගත් පොලි­ස්ප­තිගේ ලිපිය පහත දැක්වේ)

මෙම ස්ථාන මාරුව සම්බ­න්ධ­යෙන් ශානි අබේ­සේ­කර මහතා 221/2020 අංක­යෙන් මූලික අයි­ති­වා­සි­කම් නඩු­වක් ගොනු කළේය. 2024 අප්‍රේල් 30 වැනිදා ඊට අදා­ළව කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය බැලූ බැල්මට පෙනෙන කරුණු ඇති බැවින් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 12(1), 12(2) සහ 14(1)(g) යටතේ මූලික අයි­ති­වා­සි­කම් කඩ­වීම සම්බ­න්ධ­යෙන් විභා­ග­යක් පැවැ­ත්වී­මට ද තීර­ණය කළේය.

ශානි ස්ථාන මාරු කිරී­මෙන් පසු රංජන් රාම­නා­යක සමඟ කළ සාක­ච්ඡා­වක් බව කිය­මින් 2020 ජන­වාරි මාස­යේදී වැඩ තහ­න­මට ලක් කළ අතර ඒ සම්බ­න්ධ­යෙන් මූලික විම­ර්ශ­න­ය­ක්වත් පැවැ­ත්වූයේ නැත. එම හඬ­පට සම්බ­න්ධ­යෙන් නියෝජ්‍ය පොලි­ස්පති පුස්සැල්ල මහතා විසින් විම­ර්ශ­න­යක් පවත්වා ඒවා සංස්ක­ර­ණය කරන ලද හඬ­පට බවට වාර්තා­වක් ලබා දුන්නේය.

ඒ අත­ර­තුර 2020 මහ­මැ­ති­ව­ර­ණ­යට දින 05කට පෙර එනම් 2020 ජූලි 31 වැනිදා කොළඹ අප­රාධ කොට්ඨා­සය ශානි අබේ­සේ­කර මහතා අත්අ­ඩං­ගු­වට ගෙන මාස 10කට අධික කාල­යක් රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කළේය. බන්ධ­නා­ගා­රයේ දී ඔහුට කොරෝනා ආසා­ද­නය වූ අතර එම බන්ධ­නා­ගා­ර­යෙන් කොවිඩ් ආසා­ද­නය වූ පළ­මු­වැ­නියා ඔහු වන නිසා ඔහුට කොවිඩ් වැල­ඳීම කුම­න්ත්‍ර­ණ­යක ප්‍රති­ඵ­ල­යක්ද යන්න ගැන ඒ දින­වල සැක මතු­විය.  අබේ­සේ­කර මහ­තාගේ බිරිය ඔහුට ඇප ඉල්ල­මින් ගොනු කළ CA/CPA/18/2021 අභි­යා­ච­නයේ තීන්දුව 2021 ජූනි 16 වැනිදා ප්‍රකා­ශ­යට පත් කළ අතර ඒ අනුව ශානි අබේ­සේ­ක­රට ඇප නියම විය. අභි­යා­ච­නා­ධි­ක­රණ ඇප නියෝ­ගයේ සඳ­හන් වන්නේ පසු ඇතිවූ සිති­වි­ල්ලක් මත ශානි අබේ­සේ­ක­රට එරෙ­හිව මෙම පැමි­ණිල්ල ගොනු කර ඇති බවයි.

තීන්දුවේ මෙසේ ද සඳ­හන් විය. (නඩු වාර්තාවේ අදාළ කොටසේ සරල සිංහල පරි­ව­ර්ත­න­යකි)

‘මෙම චෝද­නා­වට ලක්ව ඇති වරද සිදුවී ඇත්තේ 2014.03.11 වීම සහ මේ සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් සීඅ­යි­ඩී­යට ලැබී ඇත්තේ 2020.06.09 වීමත්, කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට පැමි­ණි­ල්ලක් ලැබී ඇත්තේ 2020.06.24 වීමත් සැල­කි­ල්ලට ගැනීම වැද­ගත් වේ. අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථාවේ සැක­කාර ශානි අබේ­සේ­කර සතුව කිසිදු නීති විරෝධී ආයු­ධ­යක් නොතිබූ අතර, ඉහත සඳ­හන් සාක්ෂි­ක­රු­වන්ගේ ප්‍රකාශ හැරුණු විට එම ආයුධ සන්ත­කයේ තබා­ගැ­නීම සම්බ­න්ධව සැල­කිය යුතු සාක්ෂි නොමැත. සැක­කාර ශානි අබේ­සේ­ක­රට එරෙ­හිව පූර්ව වැරදි හැසි­රී­මක් හෝ වර­ද­ක­රු­වෙකු වූ අවස්ථා කිසි­වක් නොමැත. සැක­ක­රුට එරෙ­හිව නඩු පවරා නොමැත. සැක­කරු අධි­ක­රණ බල­යෙන් සහ නීති­මය ක්‍රියා­ව­ලි­යට යටත් නොවී පලා­යනු ඇතැයි සාධා­රණ ලෙස යෝජනා කිරී­මට කිසිදු සාක්ෂි­යක් නොමැත.

සැක­කරු ශානි අබේ­සේ­කර මහතා සාක්ෂි­ක­රු­වන්ට හෝ ඔහුට එරෙහි සාක්ෂි­ව­ලට මැදි­හත් වනු ඇති බවට හෝ වෙනත් ආකා­ර­ය­කින් යුක්තිය පසි­ඳ­ලී­මට බාධා කරනු ඇති බවට පැව­සී­මට කිසිදු සාක්ෂි­යක් මෙම අධි­ක­ර­ණය ඉදි­රියේ නොමැති බව පෙන්වා දීමට කැමැ­ත්තෙමි.

සැක­කාර ශානි අබේ­සේ­කර මහතා සාක්ෂි­ක­රු­වන්ට බල­පෑම් කරනු ඇති බවට සාක්ෂි අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වී නැති බව ද දැක්වී­මට කැමැ­ත්තෙමි.

සෑම හැකි­යා­වක්ම තිබි­ය­දීත් පළමු පැමි­ණිල්ල දැමී­මට අසා­මාන්‍ය සහ සුවි­ශේෂී ලෙස ප්‍රමා­ද­වීම මඟින් පෙන්නුම් කරන්නේ ශානි අබේ­සේ­ක­රට එරෙහි චෝදනා අස­ත්‍යව සහ අලං­ක­ර­ණය කරන පසුව ඇතිවූ සිතු­වි­ල්ලක් මත කරන ලද ඒවා බව මගේ මත­යයි.

ඉහත සඳ­හන් අසා­මාන්‍ය සහ සුවි­ශේෂ ප්‍රමා­දය හේතු­වෙන්, පැමි­ණිල්ලේ ස්වයං­සි­ද්ධ­තා­වයේ වාසිය අහිමි වී ඇතිවා පම­ණක් නොව, 2020 දී එකී සාක්ෂි­ක­රු­වන් විසින් ලබා දුන් ප්‍රකාශ 2014 දී ඔවුන් දුන් ප්‍රකා­ශ­යන්ට පර­ස්පර විරෝධී බව පැහැ­දි­ලිය.

මිනී­මැ­රුම් පිළි­බඳ වැර­දි­ක­රු­වන්ගේ හෝ ආධා­ර­ක­රු­වන්ගේ හෝ ඔවුන්ගේ සහ­ක­රු­වන්ගේ ප්‍රකා­ශ­යන් මත, සැක­ක­රුට එරෙ­හිව බී / 1536/20 යටතේ උගත් ගම්පහ මහේ­ස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කර ඇත. මෙම ස්ථාව­රය සනාථ කිරීම සඳහා විශ්ව­ස­නීය සාක්ෂි අධි­ක­ර­ණයේ අව­ධා­න­යට යොමු කර නොමැත. 2014/02/24 දින විල්ව­ල­ආ­රච්චි අත්අ­ඩං­ගු­වට ගෙන කළ­ගෙ­ඩි­හේන, රනි­ස්වල, අංක 107/01 ස්ථාන­යෙන් ගිනි­අවි සහ උණ්ඩ සොයා ගැනී­මෙන් පසු 2014 පෙබ­ර­වාරි මස 27 වැනිදා බී/3250/03/2014 දරන නඩුව ආරම්භ කර තිබේ. සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම සහ මුදා හැරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් සිදු කර ඇත්තේ නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් අනු­වය. මෙම තීන්දු සඳහා හේතු මෙම අධි­ක­ර­ණය ඉදි­රියේ නැත.

පෙත්ස­ම්ක­රුගේ තර්කය වූයේ වසර හය­කට පසු, හිටපු නියෝජ්‍ය පොලි­ස්පති වාස් ගුණ­ව­ර්ධ­නගේ හිත­ව­තුන් යැයි කියනු ලබන සම­හර සාක්ෂි­ක­රු­වන් බොරු චෝදනා ඉදි­රි­පත් කර ඇති බවයි. දණ්ඩ නීති සංග්‍ර­හය යටතේ “ව්‍යාජ ගොතන ලද සාක්කි” යටතේ වැරදි සිදු කර ඇති බවට වූ අවි­ධි­මත් චෝද­නා­වක් මත කිසිදු විශ්වා­ස­දා­යක හෝ සාධා­රණ සාක්ෂි­යක් නොමැ­තිව පීඩා­කාරී ආයුධ පනත, ගිනි­අවි ආඥා පනත සහ පුපු­රන ද්‍රව්‍ය පනත යටතේ සැක­කාර ශානි අබේ­සේ­කර අත්අ­ඩං­ගු­වට ගෙන ගම්පහ උගත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කර ඇති බවයි.’’

ඇප ලැබුණු ශානි අබේ­සේ­ක­රට එරෙ­හිව නෛතික ක්‍රියා­මාර්ග නොගන්නා බව නීති­ප­ති­ව­රයා 2023.07.28 වැනිදා WP1/44/2020 අංක­යෙන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට දැනු­ම්දී­මෙන් පසු ඔහු 2023 අගෝස්තු 25 වැනිදා නිද­හස් කෙරිණි.

මතු සම්බන්ධයි.

 

තරිඳු ජය­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT