ඔක්තෝබර් මාසය යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කරලීම සඳහා වෙන්වූ මාසය වේ. Hemas Hospitals විසින් ඒ වෙනුවෙන් කෙරෙන සමාජ සත්කාරයක් ලෙස ‘BreastOber 2024’ වැඩසටහන එළිදක්වන ලදි. වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහනේ මූලිකම අරමුණ වන්නේ පියයුරු පිළිකා මුල් අවධියේදී ම හඳුනා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ කාන්තාවන් දැනුම්වත් කිරීම වේ.
ඒ අතරම ඔවුන්ට පියයුරු පිළිකා කල්තියා හඳුනා ගන්නා නවීන තාක්ෂණික උපාංගවලට ප්‍රවේශය ලබාදීම ද මෙහි තවත් එක් අරමුණකි. ගෝලීය වශයෙන් කාන්තාවන් අතර වඩාත් සුලබම පිළිකා වර්ගය පියයුරු පිළිකා බැවින්, මේ පිළිබඳ දැනුම්වත්භාවය ඇති කිරීම සහ ඒ වෙනුවෙන් පියවර ගැනීම අන් කවරදාටත් වඩා විශාල වශයෙන් වැදගත් වී තිබේ. ගෝලීය වශයෙන් පියයුරු පිළිකා නිසා පීඩාවට පත් වන කාන්තාවන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී. ලොව පුරා කාන්තාවන් මිලියන 2.3 ක් පමණ පියයුරු පිළිකාවෙන් පීඩා විඳින අතර, ඉන් මියගිය සංඛ්‍යාව 670,000 පමණ වන බව සංඛ්‍යා දත්ත පෙන්නුම් කරනු ලබයි (මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)). සංඛ්‍යා දත්ත එසේ වුවත්, කල්තියා හඳුනා ගෙන ඉක්මනින් ප්‍රතිකාර කළහොත් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ඇති හැකියාව විශාල වශයෙන් ඉහළ යනු ඇත. Hemas Hospitals විසින් සිය ‘BreastOber 2024’ වැඩසටහන මඟින් ලබාදීමට උත්සාහ කරන වැදගත් පණිවිඩය මෙයයි. නිරන්තර පරීක්ෂාව මඟින් රෝගය සුව කළ හැකි අවධියේදී ම සොයාගත හැකිය. එබැවින් මෙය ජීවිතයකට නව පණ පොවන ඉතා වැදගත් පණිවිඩයකි.