ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ත්‍දදා Food Court කළමනාකරණ සමාගම මෙන්ම සූප ශාස්ත්‍ර ක්ෂේත්රයේ නවෝත්පාදකයා වන Food Studio (Pvt) Ltd හි ප්‍රථම තනි PRIMO සන්නාම අවන්හල බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී විවෘත කළ බව පසුගියදා නිවේදනය කළේය. ඒ සමඟ මෙරට ආහාර ක්ෂේත්රයේ ප්‍රමුඛයකු ලෙස වසර 6ක විශිෂ්ටත්වය සනිටුහන් කිරීමටද Food Studio සමත් විය. ලොව පුරා සංචාරකයින් වෙත සිය ජනප්‍රිය ආහාර සංකල්පයන් පිරිනැමීම වෙනුවෙන් පිහිටුවනු ලැබූ මෙම නවතම අවන්හල Food Studio වර්ධන උපාය මාර්ගයන්හි සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද සඳහන් කළ හැකිය.
මෙම PRIMO අවන්හල තුළින් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉතා ක්‍රමවත්ව හා නැවුම් අයුරින් සකස් කරන ලද උසස්ම තත්වයේ පෝෂ්‍යදායී ආහාර පහසු මිලට ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දීමට Food Studio කටයුතු කර ඇත. පාරිභෝගිකයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටවීමේ/සංක්‍රමණ පර්යන්තයෙහි පිහිටා ඇති මෙම අවන්හල නැවුම් subs, sandwiches සහ bagels අවන්හලක් ලෙසද සඳහන් කළ හැකිය. පැය 24 පුරා විවෘතව පවතින මෙම අවන්හල මඟින් ඉක්මණින් තමන්ගේ ආහාර වේල සපුරා ගැනීමට මෙන්ම ගුවන් ගමනට පෙර හෝ අතරතුර විවේකයේදී ආහාර ලබා ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් වෙනුවෙන් ආහාර සැපයීම සිදු කරනු ලබයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Food Studio (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී නදීම් රජබ්දීන් මහතා සඳහන් කර සිටියේ “ අපගේ නවතම සූප ශාස්ත්‍ර සංකල්පය ශ්‍රී ලංකාවේ කාර්ය බහුලම සංචාරක කේන්ද්‍රස්ථානයක් වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගෙන ඒමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ජනතාව බෙහෙවින් ගැවසෙන කාර්ය බහුල ස්ථානයක් වන ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පාරිභෝගිකයින්ට පහසුවෙන් ආහාර ලබාගැනීමේ අවස්ථාව මෙන්ම ඔවුන්ගේ රුචි අරුචිකම්වලට සරිලන ආහාර රස විඳීම් අවස්ථාව මේ තුළින් උදා කර දී තිබෙනවා.