සංචාරක කර්මාන්තයේ බාදක හඳුනාගෙන තිරසර සංවර්ධන සැලැස්මක් සැකසීමෙන් සංචාරකයින් මිලියන 4ක් ආකර්ෂණය කර ගැනීමටත් ඩොලර් බිලියන 8.5ක ආදායමක් උපයා ගැනීමටත් ඉලක්ක කර තිබේ. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි පැවැති 2024 ලෝක සංචාරක දින සැමරුම් උත්සවයේදී ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ (SLCB) සභාපති ධීර හෙට්ටිආරච්චි මෙම නව දැක්ම පිළිබඳව අදහස් ඉදිරිපත් කළ අතර සංචාරක ක්ෂේත්‍රයේ පිම්මක් අපේක්ෂා කළ හැක්කේ උපායමාර්ගික වෙනසකින් බව අවධාරණය කළේය. මේ අනුව දිගුකාලීන තිරසර බව ශක්තිමත් කරමින් සංචාරක අත්දැකීමේ ගුණාත්මක බව ඉහළ නැංවීමට දැඩි අවධානය යොමු කර ඇතැයි සඳහන් කළේය.
සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතනන සඳහා නවක ප්‍රධානීන් පත්වීමෙන් පසුව පැවැත්වූ පළමු මහජන උත්සවය මෙය වූ අතර මෙහිදී ධීර වීරසිංහ මහතා
සංචාරක කර්මාන්තයේ නව අපේක්ෂාවන් ලෙස 2030 වන විට සංචාරකයන් වෙතින් ඉපයීමට අපේක්ෂිත දෛනික ආදායම ඩොලර් 169 සිට ඩොලර් 250 දක්වා ඉහළ නැංවීම අපේක්ෂා කරන බවත්, සුඵ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන කර්මාන්ත ක්ෂේත්‍රයේ සෑම අංශයක් වෙතම පැතිරී ඇති මෙම කර්මාන්තයේ ගුණාත්මකභාවය ඒ ඒ ක්ෂේත්‍රයන්ට විශේෂිතව සංවර්ධනය කිරීමට අවැසි පුහුණු ශ්‍රමය හා ආකල්ප සංවර්ධන සහ රැකියා යන දෙඅංශයේම පුළුල් අවධානයක් යොමු කරමින්ධ මානව ප්‍රාග්ධනය දෙගුණ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කරයි. 2030 වන සංචාරකයින් මිලියන 05ක් ඉලක්ක කර ගනිමින් ඉහළ මට්ටමේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම, එක් සංචාරකයෙකුගෙන් ඩොලර් 4,000 ක් උපයා ගැනීම දිරිගන්වමින ආකාරයේ කළමනාකරණ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමට අපේක්ෂිත බවද අවධාරණය කරයි.
“අපගේ නව ජාතික සංචාරක ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ ප්‍රධාන කුලුනු පහක් මතයි. දූරදර්ශී නායකත්වය සහ උපායමාර්ගික පාලනය, ස්වභාවික හා සංස්කෘතික උරුමයන් තිරසර ලෙස භාවිත කිරීම, මානව ප්‍රාග්ධන සංවර්ධනය, නව්‍ය සංචාරක නිෂ්පාදන සහ උපාය මාර්ගික ගමනාන්ත හඳුන්වා දීමයි”
යනුවෙන් ධීර හෙට්ට්ආරච්චි පැවැසීය. ගෝලීය වශයෙන් තරගකාරී සහ තිරසර සංචාරක ක්ෂේත්‍රයක් ගොඩනැගීමට පරිපාලනයේ කැපවීම අවධාරණය කරමින් දේශීය සහ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ දායකත්වයෙන් මෙම කුලුනු සකස් කර ඇති බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.
සීගිරිය සහ යාල වැනි ප්‍රධාන සංචාරක ගමනාන්තවල පවතින අධික තදබදය තිරසාර බව සඳහා අවධානය යොමු කළ යුතු ගැටලුවක් ලෙස ද ඔහු අවධාරණය කළේය. “සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් ඇති කිරීමට අප ඉලක්ක කරන්නේ නම්, අනාගත පරම්පරාව සඳහා මෙම වත්කම් සුරැකීම වැදගත් .”
මෙම ක්ෂේත්‍රය තුළ නව්‍යකරණයන් ඇතිකිරීම සඳහා පර්යේෂණ සහ නව්‍යකරණය සඳහාවන යෝජවා ඉදිරිපත්කරන ලෙස සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අධ්‍යන ආයතන ඇති දේශීය විශ්ව විද්‍යාලවලින් ඉල්ලා සිටියේය. විවේකසුව විඳීමට පැමිණෙන හුදු සංචාරක ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් , ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ෂණයට තුඩු දෙන ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති සැලකිය යුතු විභවයන් පිළිබඳවද හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.
බුද්ධිකා බ්‍රාහ්මනගේ