Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සමුළුව ජනවාරියේ

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සමුළුව ජනවාරියේ

by Gayan Abeykoon
October 24, 2024 1:25 am 0 comment

නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එය මහමැතිවරණයෙන් පසු 2025 ජනවාරි 28 සිට 29 දක්වා කල්තබා තිබේ. ‘ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම: යහපත් ආර්ථික ප්‍රතිපත්ති  පදනම් කරගත් පරිවර්තනීය වර්ධනයක්’ යන තේමාව යටතේ, මෙම සමුළුව පැවත්වීමට නියමිතයි.

වසර දෙකක ආර්ථික සංකෝචනයෙන් පසු රට  ආර්ථික ස්ථාවරත්වයක් අත්කර ගනිමින් තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ජනාධිපතිවරණය මෑතදී අවසන් වීමත් සමඟ ඉදිරි මහමැතිවරණයත් සමඟ 2025දී ආරම්භ වන දශකයක තිරසාර, ආර්ථික  වර්ධනයක් සඳහා අඩිතාලම දැමීම අත්‍යවශ්‍ය වේ. අපනයනය මූලික කර ගත් ආයෝජන ආකෘතිය, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, ශීඝ්‍රයෙන් වර්ධනය වන කලාපීය වෙළෙඳපොළ වෙත එහි ප්‍රවේශය සහ ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර විවෘත කිරීම සඳහා අවශ්‍ය දේශීය ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්, කෘෂිකර්මාන්තය සහ අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බව මේ ඔස්සේ අවධාරණය කිරීමට සැලසුම් කොට තිබේ.

මෙම තීරණාත්මක කාල පරිච්ඡේදයේදී, දැනුම්වත් තීරණ ගැනීම සඳහා ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රධාන අංග අවබෝධ කර ගැනීම. සමුළුවෙන් ලබා ගන්නා බුද්ධිය සහ අවබෝධය ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වැදගත් සංවාදවලට ක්‍රියාකාරීව සම්බන්ධ වීමට සහ දායක වීමට සහභාගිවන්නන් සන්නද්ධ කරනු ඇති අතර, ඊට සහභාගී වන ලෙස අපි සියලු පාර්ශ්වකරුවන් දිරිමත් කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT