Home » ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතට පණ දුන් රොන් එලී මිය යයි

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතට පණ දුන් රොන් එලී මිය යයි

by yasara
October 24, 2024 9:51 am 0 comment

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

රොන් එලී මිය යන විට 86 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටාසන් කතාංගය ප්‍රථම වරට රූපවාහිනිය ඔස්සේ 1966 වසරේ සිට විකාශය විය

ටාසන් කතාංගය ඇතුළු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ රොන් එලී 2001 වසරේ දී සිය රංගන දිවියෙන් විශ්‍රාම ගත් අතර පසුව ඔහු කතුවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

රූගත කිරීම් අතරතුර ඔහු සතුන්ගේ ප්‍රහාරවලට මෙන්ම විවිධ අනතුරුවලට ද ලක්වු බව වාර්තා වෙයි.

රොන් එලී සිය ජීවිත කාලය පුරා නළුවෙක්, ලේඛකයෙක්, පුහුණුකරුවෙක්, උපදේශකයෙක් ලෙස කටයුතු කර දැවැන්ත චරිතයක් හිමි අයෙකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT