ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙයි
ආරුගම්බේ ප්‍රදේශයේ රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ඔක්තෝබර් 19-23ත් අතර කාලය තුළදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණි.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙයි.
මෙම ප්‍රහාර සැලසුම පසුපස සිටින එක් පුද්ගලයෙක් කලකට ඉහත ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම් චෝදනාවක් හේතුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකු වන බවයි ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන ඇත.
ප්‍රහාරය සඳහා ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ලබාදී ඇතැයිද බුද්ධි තොරතුරුවල සඳහන්ය.