Monday, April 21, 2025
Home » අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සුපිරි ශූරයා ලක්ෂ්මන් සංජීව / ශූරිය ජංජුලා සුමුදුනී

අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සුපිරි ශූරයා ලක්ෂ්මන් සංජීව / ශූරිය ජංජුලා සුමුදුනී

by sachintha
October 23, 2024 1:45 am 0 comment

අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය, අනුරාධපුර මහා නගර සභාව හා එක්ව සංවිධාන කළ දිස්ත්‍රික් පාපැදි ශූරතාවලියේ සුපිරි පිරිමි අංශයේ ජය ටු වීල් පාපැදි සමාජයේ ලක්ෂ්මන් සංජිව විසිනුත්, දෙවන ස්ථානය දීප්ති පාපැදි සමාජයේ ලක්ෂිත මධුසංඛත්, තෙවැනි ස්ථානය අසිත චානක විසිනුත් දිනා ගන්නා ලදි. එහි කාන්තා අංශයේ ජය සෞම්‍ය පාපැදි සමාජයේ ජංජුලා සුමුදුනී විසින් දිනා ගැනීමට සමත් වූවාය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, අනුරාධපුර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ හා ආසියානු පාපැදි සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ ප්‍රධානී ජාත්‍යන්තර පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා හා දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම්, ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමයේ සභාපති උපුල් චන්දන ප්‍රියනාත් යන අයගේ සහභාගිත්වයෙන් අනුරාධපුර මයිලගස් හංදියේදී ශූරතාවලිය පැවැත්විණි. කනිෂ්ඨ පිරිමි අංශයෙන් රංජිත් අනුර පාපැදි සමාජයේ ඕෂද විමුක්ති, එහි කාන්තා අංශයෙන් ටු වීල් පාපැදි සමාජයේ සඳලි නෙතුමිනි විසිනුත්, පාසල් බාලක ජය ගල්නෑව විදුහලේ රසෝද් හා බාලිකා ජය ගල්නෑව විදුහලේ පී.කේ. තිලකරත්න විසිනුත් දිනාගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT