උදය ගම්මන්පිල මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය ගැන කළ හෙළිදරව් කිරීම විශාල කාලබෝම්බයක් වේයැයි තමන් බලාපොරොත්තු වුවත්, එය කන්දක් විලිලා, මීයෙක් වැදුවා වගේ වූ බවත්, රටේ ජනතාව එම ප්‍රකාශ ගණන් නොගන්නා බවත් ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ඊයේ (22) පෙරවරුවේ මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ පැවැති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ වැඩමුළුවක දී පැවසීය.
නව රජය බලයට පත් වී තවමත් මාසයක කාලයක් සම්පූර්ණ වී නැති මෙවන් අවස්ථාවක, රජයටත් යම් කාලයක්, අවස්ථාවක් ලබා දිය යුතු බව තම පක්ෂයේත්, තමාගේත් පෞද්ගලික අදහස බව රන්ජන් රාමනායක මහතා පැවැසීය.
පසුගිය පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූයේ ද Òපාස්කු දින ප්‍රහාරයÓ විකුණාගෙන බවත්, එම රජයේ ඇමැතිවරයකු වූ උදය ගම්මන්පිල, තම රජය බලයට පත් කර ගැනීමට Ò ජාතික ආරක්ෂාව Ò ද විකුණා ගත් බව ද අවධාරණය කළේය.
තම පක්ෂය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 9කට පමණක් තරග කරන බවත්, ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කරන අපේක්ෂකයන්ට මේ වැඩමුළුව පවත්වන බවත් පැවැසීය.
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ්, පක්ෂයේ ජාතික සංවිධායක තිලකරත්න දිල්ෂාන්, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පැතුම් කර්නල් මහත්වරු මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
කටුනායක ටී.කේ.ජී. කපිල