Home » තැපෑලේ නිවාඩු අවලංගු කෙරේ

තැපෑලේ නිවාඩු අවලංගු කෙරේ

by chanaka
October 23, 2024 9:26 am 0 comment

ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, අද (23) සිට නොවැම්බර් මස 14වැනිදා දක්වා නිවාඩු අවංගු කිරීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් කිසියම් අසනීප තත්ත්වයක් හෝ අත්‍යාවශ්‍ය කටයුතක් සඳහා නිවාඩු ලබාගැනීමට අවශ්‍ය නම් පළාතේ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව නිවාඩු අනුමත කර ගැනීමේ හැකියාව පවතී.

මහ මැතිවරණයට අදාළව ලියාපදිංචි තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාරගැනීම අද දිනයේ සිදුකිරීමට නියමිතව බව නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT