Home » අලි රකින්න රාත්‍රී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් නවතයි

අලි රකින්න රාත්‍රී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් නවතයි

by sachintha
October 23, 2024 12:22 am 0 comment

 

දුම්රියේ අලි ගැටීම නවතාලීම සඳහා රාත්‍රී භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. භාණ්ඩ ප්‍රවාහන දුම්රිය දිවා කාලයේ ධාවනයට එක් කිරීමටත් අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී කාලයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය නතර කර දැමීමටත් පියවර ගත් බව දුම්රිය වැඩබලන සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා ‘දිනමිණට’ පැවසීය. ඒ අනුව කොළඹ කොටුව සිට ප්‍රවාහනය වන රාත්‍රී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එළිවනතුරු ගල්ඔය දුම්රිය ස්ථානයේ නවතා තැබීමට පියවර ගන්නා බව ද හෙතෙම කියා සිටියේය. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක මින්නේරිය සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී වන අලි රංචුවක් ගැටීමෙන් පසුගියදා (18) අලුයම සිදුවූ අනතුර මුල්කරගෙන මෙම තීරණය ගෙන තිබේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT