Home » පොලිසියේ විෂමාචාර 1997ට කියන්න

පොලිසියේ විෂමාචාර 1997ට කියන්න

by sachintha
October 23, 2024 12:17 am 0 comment

පොලිස් නිලධාරීන් අල්ලස් ඉල්ලා සිටීම් ඇතුළු සියලු ආකාරයේ විෂමාචාර සම්බන්ධයෙන් දැනුම් දීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් 1997 කෙටි අංකය හඳුන්වා දී තිබේ. පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වූ සෑම ආකාරයකම විෂමාචාර ගැන මෙම අංකයට දැනුම් දෙන ලෙස පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

පොලිස් ස්ථාන මට්ටමින් ජනතාවට විවිධ අවශ්‍යතාවන්ට අනුව නිකුත් කරනු ලබන පොලිස් නිෂ්කාශන වාර්තා දිනක් දෙකක් තුළ ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් උපදෙස් සෑම පොලිස් ස්ථානයකටම දී ඇති බවත් පොලිස්පතිවරයා කීය. එම නියෝග නිසි පරිදි ක්‍රියාත්මක නොකරන පොලිස් ස්ථාන සම්බන්ධයෙන් මහජනතාවගෙන් පැමිණිලි ලද වහාම ඒ ගැන ද විමර්ශන පවත්වා වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා බව ද පොලිස්පතිවරයා සඳහන් කළේය.

දූෂණයෙන් තොර නීතිගරුක පොලිස් සේවයක් නිර්මාණය කිරීම සඳහා ගන්නා පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT