Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයා කැනඩාවේදී මරා දමලා

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයා කැනඩාවේදී මරා දමලා

by sachintha
October 23, 2024 2:14 am 0 comment

කැනඩාවේ දී ශ්‍රී ලාංකිකයකු වෙඩි ප්‍රහාරයකට ලක්ව පෙරේදා (21) මියගොස් ඇත.

යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තරුණයකු කැනඩාවේ රැකියාවකට ගොස් සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වී ඇතැයි එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

පංචලිංගම් පාර්තීපන් නමැති මොහු කැනඩාවේ ඔන්ටාරියෝ නුවර මාර්ඛාම් (Markham) ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔහු පදිංචිව සිටින නිවස අසලදීමය.

ඔහුට වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තබන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.

වහාම සිද්ධිය ගැන සැලවීමෙන් පසුව පොලිසිය පැමිණ වෙඩි වැදී තුවාල ලබා සිටි අයව රෝහල් ගත කිරීමට උත්සාහ කරන විට ඔහු මියගොස් සිට ඇත.

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT